අතරමඟ නතර කර තිබූ පිළියන්දල ශාක්‍ය ජනපදයේ ඉදිකිරීම් යළි අරඹන්න යයි

  👤  2646 readers have read this article !
By mawbima 2019-01-17

කුමුදු උපුල් ශාන්ත

මේ වන විට අතරමඟ නැවතී තිබෙන පිළියන්දල ශාක්‍ය ජනපදයේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීමට බුද්ධශාසන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ උපදෙස් අනුව ශාක්‍ය ජනපදයේ ඉදිකිරීම් වැඩකටයුතු නැවත ආරම්භ කෙරෙන අතර මෙම ජනපදයේ මූලික කටයුතු එවකට බුද්ධශාසන අමාත්‍යවරයාව සිටි විජයදාස රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව 2017 වර්ෂයේදී ආරම්භ කර තිබිණි.

සිද්ධාර්ථ කුමරු වසර 29ක් දිවි ගෙවූ කපිලවස්තුපුර ශාක්‍ය රාජධානියේ අනුරූ ඇතුළු මධ්‍යස්ථාන රැසක් මෙම ජනපදය තුළ ඉදිකෙරෙන අතර බෞද්ධ මන්දිරයක්, බෞද්ධ පුස්තකාලයක්්, බෞද්ධ පර්යේෂණ මධ්‍යස්ථානයක්්, භාවනා මධ්‍යස්ථානයක්, බෞද්ධ මධ්‍යස්ථානයක් හා ඔසු උයනක් ඇතුළු අංග කීපයක් මෙම ජනපදය තුළ ස්ථාපිත කිරීමට නියමිතය. අක්කර 78කින් යුත් මෙම ජනපදයේ ඉදිකිරීම් කටයුතු සඳහා "ලයිට් ඔෆ් ඒෂියා පදනම" සහාය ලබාදෙන අතර ඒ සඳහා වැය කිරීමට නියමිත මුදල රුපියල් මිලියන 1500කි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon