ව්‍යවස්ථා මණ්ඩලයේ ක්‍රියාකාරිත්වය නතර කළ යුතුයි

  👤  2496 readers have read this article !
By mawbima 2019-01-13

අනුරාධා හේරත්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ ක්‍රියාකාරිත්වය නතර කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසයි. ජවිපෙ නායකයා ඉරිදා "මව්බිම"ට ප්‍රකාශ කළේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම හා සම්මත කිරීමට වත්මන් පාර්ලිමේන්තුව තුළ ප්‍රයත්න දැරීම ප්‍රතිඵල රහිත ක්‍රියාවක් බවය.

ඒ අනුව වඩා සාධනීය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහිත ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස ගෙන ආ යුතු බවද මන්ත්‍රිවරයා පෙන්වා දෙන්නේය. ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා පිහිටුවන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විසින් පත් කළ මෙහෙයුම් කමිටුවේදී විධායක ජනපති ධුරය, ඡන්ද ක්‍රමය, බලය බෙදාහැරීම යන කරුණු ගැන කිසිදු පොදු එඟතාවකට ඒමට නොහැකි වී ඇති බැවින් එකී තත්ත්වය තුළ තවදුරටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පවත්වාගෙන යෑම කිසිදු ඵලක් නැති බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon