මාධ්‍ය රැකගැනීමේ පොදුජන පෙරමුණේ සටන ඉදිරියට ගෙන යනවා

  👤  2273 readers have read this article !
By mawbima 2019-01-13

ඉෂාරා සිල්වා

මාධ්‍යට එරෙහිව පැමිණි අලුත් පරපුරේ එන්.ජී.ඕ. කණ්ඩායමේ සිටි පිරිසට වැඩි පිරිසක් මාධ්‍ය ආරක්ෂා කිරීම සඳහා රැස්කරවන බවට ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ අනතුරු අඟවයි.

මාධ්‍ය ඉදිරිපිටට පැමිණි එජාපයේ මැර හමුදාව සිදුකළ මෙම කටයුත්ත වීරත්වයෙන් කතා කරන එජාප පසුපෙළ මන්ත්‍රිවරුන් පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුතු බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රි ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කළේය.

ඔහු පෙන්වා දෙන්නේ වත්මන් දේශපාලන තත්ත්වය යම් තරමකින් හෝ සදාචාරාත්මක වී ඇත්තේ මාධ්‍ය තුළින් නිවැරැදි වාර්තා කිරීම් සිදුකරන නිසා බවයි. එම නිසා මාධ්‍ය රැකගැනීමේ පොදුජන පෙරමුණේ සටන ඉදිරියට ගෙන යන බවත් එදිනට තම මාධ්‍ය ආරක්ෂක හමුදාවට මුහුණ දීමට ඊනියා අලුත් පරපුර කණ්ඩායමට තවත් බස් පුරවාගෙන පැමිණෙන්නට සිදුවන බවත් මන්ත්‍රිවරයා අවධාරණය කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon