ආගම් අනුව සරසවි ස්ථාපිත කරන්න නව පනතක්

  👤  2327 readers have read this article !
By mawbima 2019-01-13

දෙනගම ධම්මික රණවීර

ආගම් අනුව විශ්වවිද්‍යාල ස්ථාපිත කිරීමට අවකාශ සැලසෙන නව පනතක් ගෙන ඒමට රජය කටයුතු කරමින් සිටිතැයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ මෙතෙක් පවත්වාගෙන යන ලද 1981 අංක 74 දරන පනතින් ස්ථාපිත කරන ලද බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සහ ලංකා භික්ෂු විද්‍යාලය පසුගිය දෙසැම්බර් 28 වැනිදා අංක 2103/33 දරන ගැසට් පත්‍රය මඟින්...උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉවත් කරන ලද්දේ ඒ සඳහා බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

පසුගිය එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව 2001 දෙසැම්බර් 13 නිකුත් කරන ලද විශේෂ ගැසට් පත්‍රයක් මඟින් බෞද්ධ විශ්වවිද්‍යාලය වෙනත් අමාත්‍යාංශයක් යටතට පැවරීමට ගත් උත්සාහය එකල පැවැති විරෝධතා හමුවේ ව්‍යර්ථ වූ නමුත් යළිත් එම උත්සාහය ගනිමින් ඇති බවටද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon