ටිල්වින්ට කෝටියක් ගෙවන්න විමල්ට නියෝග

  👤  2306 readers have read this article !
By mawbima 2019-01-13

කේ. එස්. උදයකුමාර්

පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා විසින් රචිත "නැත්ත වෙනුවට ඇත්ත" ග්‍රන්ථය ස¼දහා

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයට අයත් ලිපි ලේඛන කිහිපයක් එම පක්ෂයේ අවසරයකින් තොරව ඇතුළත් කර ගැනීම තුළින් වීරවංශ මහතා බුද්ධිමය දේපළ පනත උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළ කොළඹ වාණිජ මහාධිකරණය ඒ වෙනුවෙන් විමල් වීරවංශ මන්ත්‍රිවරයා විසින් ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා වෙත රුපියල් මිලියන 10ක වන්දියක් ගෙවිය යුතු බව තීන්දු කළේය.
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා විසින් ගොනුකරන නඩුවක තීන්දුව දෙමින් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු රුවන් ප්‍රනාන්දු මහතා විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කරන ලදී.
විමල් වීරවංශ මන්ත්‍රිවරයා විසින් රචිත "නැත්ත වෙනුවට ඇත්ත" ග්‍රන්ථය තුළ තම පක්ෂයේ දේශපාලන මණ්ඩලයට අයත් ලිපි ලේඛන කිහිපයක් ඇතුළත් කර තිබෙන බව පැමිණිල්ල ඉදිපත් කළ ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම් ටිල්වින් සිල්වා මහතා අධිකරණය හමුවේ සඳහන් කර තිබිණි.

එම ග්‍රන්ථයට අදාළ ලේඛන ඇතුළත් කිරීම සඳහා විමල් වීරවංශ මන්ත්‍රිවරයා විසින් පක්ෂ අනුමැතිය ලබාගෙන නොතිබූ බවත් ඒ තුළින් වගඋත්තරකාර විමල් වීරවංශ මන්ත්‍රිවරයා බුද්ධිමය දේපළ පනත උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඉල්ලමින් ටිල්වින් සිල්වා මහතා විසින් එම පැමිණිල්ල අධිකරණය වෙත ගොනු කර තිබිණි.

විමල් වීරවංශ මන්ත්‍රිවරයා විසින් සිදුකළ බුද්ධිමය දේපොළ පනත උල්ලංඝනය කිරීම වෙනුවෙන් ඒ මහතාගෙන් රුපියල් මිලියන 10ක වන්දියක් අයකර දෙන ලෙසද ටිල්වින් සිල්වා මහතා අධිකරණය හමුවේ ගොනු කළ සිය පැමිණිල්ලෙන් ආයාචනය කර තිබිණි. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව සිය තීන්දුව ප්‍රකාශයට පත්කළ කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු රුවන් ප්‍රනාන්දු මහතා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයට අයත් ලිපි ලේඛන අදාළ ග්‍රන්ථයට ඇතුළත් කර ගැනීම තුළින් විමල් වීරවංශ මන්ත්‍රිවරයා බුද්ධිමය දේපොළ පනත උල්ලංඝනය කර ඇති බව තීන්දු කළේය.

ඒ අනුව වගඋත්තරකාර විමල් වීරවංශ මන්ත්‍රිවරයා විසින් පැමිණිලිකාර ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා වෙත රුපියල් මිලියන 10ක වන්දියක් ගෙවිය යුතු බවටද වාණිජ මහාධිකරණ විනිසුරුවරයා දුන් තීන්දුවේ සඳහන් විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon