ලේ උරුමයෙන් ආපු ක්‍රිකට් උණෙන් ලොව අංක 1 දිනූ රූමත් මන්දනා

  👤  2520 readers have read this article !
By mawbima 2019-01-13

2013 බටහිර කලාපයේ 19න් පහළ කාන්තා ක්‍රිකට් තරගාවලිය ඇරැඹී තිබුණු ඔක්තෝබරයේ දවසක පැවති මේ තරගයේදී මහාරාෂ්ට්‍රය තරග වැදුණේ ගුජරාටය සමඟය. වම් අතින් පිත්ත හසුරුවන පැහැපත් කෙල්ලක් ගුජරාට පන්දු යවන්නියන් වෙහෙසට පත් කරමින් සිටියාය. ඕවර 50 තරගයක් වූ මෙහිදී විදුලි වේග ඉනිමක් ක්‍රීඩා කළ ඇය පන්දු 150කදී නොදැවී ලකුණු 224ක් රැස් කරන්නට සමත් වූවාය. මුල්වරට එදා ඉන්දීය ක්‍රිකට් ලෝලීන්ගේ සහ බලධාරීන්ගේ අවධානය දිනාගත් මේ වමත් පිතිකාරිය තවත් වසර පහක - හයක ඇවෑමෙන් ලෝකයේම අවධානය දිනා ගන්නට සමත් වූයේ ඉන්දියාවට අභිමානයක් ගෙන එමිනි.

2018 වර්ෂයේ  ICC ක්‍රිකට් ක්‍රීඩිකාව පමණක් නොව වසරේ එක්දින ජාත්‍යන්තර ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගන්නට සමත් වූයේ ඇයයි.
ඒ ඉන්දීය වමත් පිතිකාරිනිය ස්ම්රිතී මන්දනායි.

වසරේ ක්‍රිකට් ක්‍රීඩාව(Rechel Heyhoe flint award for the women's cricketer of the year)  සම්මානයෙන් පිදුම් ලද මන්දනා 2018 වසරේ එක්දින පිටිය මෙන්ම විස්සයි - 20 පිටියද සිය පිත්තට නතු කරගෙන සිටියාය. වමත් ආරම්භක පිතිකාරිනියක වන මන්දනා මෙම වසරේ එක්දින තරග 12කට සහභාගි වෙමින් ලකුණු 669ක් රැස් කරගන්නට සමත් වී තිබේ. ඊට අමතරව විස්සයි - 20 පිටියද ඇය සිය අණසකට නතු කර ගත්තේ 2018 වසරේ තරග 25කදී ලකුණු 622ක් රැස් කර ගනිමිනි. මන්දනා ඇගැයුමට ලක් වීමට හේතු වූයේ මේ ඉලක්කම් පමණක් නොවේ යැයි ක්‍රිකට් විචාරකයෝ පවසති.

එක්දින ජාත්‍යන්තර තරග රටාවටත් විස්සයි - 20 රටාවටත් ඇය අනුගතව තිබෙන ආකාරය ඔවුන් ඊට සාක්‍ෂියක් වශයෙන් පෙන්වා දී තිබේ. ඉවසිලිවන්තව ඉනිම් කිහිපයක්ම ගොඩනැංවූ අෑ එක්දින තරගවලදී මේ වසරේ පිත්ත හසුරුවා ඇත්තේ 66.90ක පිතිකරණ වේගයකිනි. එහෙත් ඉතා අපූරුවට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ රෝලර්කෝස්ටර් ඉසව්ව වන විස්සයි - 20 රටාවට අනුගත වූ ඇය එහිදී 130.67ක වේගයක් රඳවා ගන්නට සමත්ව සිටින්නීය.

මන්දනාට පෙර ඉන්දියාව වෙත මෙබඳු ගෞරවයක් දිනා දෙන්නට සමත් වූයේ වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩිකා ජුලන් ගෝස්වාමිය. ඒ 2007 වසරේදීය. එහෙත් ඇය මේ වසරේදී ගෝස්වාමිද පසුකර තවත් පියවරක් ඉදිරියට තැබුවේ තවත් ‰ ICC  සම්මානයකට උරුමකම් කියමිනි. ඒ වසරේ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව(ODI player of the year)  සම්මානයද දිනා ගනිමිනි. ඒ අනුව ICC සම්මාන දෙකක් එකම වසරේ දිනාගත් ක්‍රීඩිකාව වන්නේද ස්ම්රිතී මන්දනාය.

අනූහයේ ජූලි මාසයේ උපන් ස්මිරිතී ශ්‍රී නිවාස් මන්දනා මහාරාෂ්ටයේ පදංචියට ආවේ දෙහැවිරිදි බිලිඳියකව සිටියදීය. ඇගේ පියාද සොයුරාද මහාරාෂ්ට්‍රයේ දිස්ත්‍රික් මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුණු බැවින් මන්දනාද උස් මහත් වූයේ 'ක්‍රිකට් උණත් සමඟය. අන්තයේදී සිය සොයුරාගේ අඩි පාරේ යමින් ක්‍රිකට් පිත්ත ගත් ඇයට මහාරාෂ්ට්‍ර 15න් පහළ බාලිකා කණ්ඩායමේ ‍ෙදාර හැරුණේ නව හැවිරිදිව සිටියදීය. එකළොස් හැවිරිදි කෙල්ලකව සිටියදී මහාරාෂ්ට්‍ර 19න් පහළ බාලිකා ක්‍රිකට් කණ්ඩායමේ ඉඩක් දිනා ගන්නට ඇයට පුළුවන් විය.

වර්තමාන ශේ‍ර්ණිගත කිරීම් අනුව එක්දින තරග පිටියේ හතර වැනි තැනත් විස්සයි - 20 දස වැනි තැනේත් රැඳී සිටින මන්දනා පසුගිය විස්සයි - 20 ලෝක ශූරතාවලියේ ඉන්දියානු පිල ඉදිරියට ගෙන යන්නට දායක වූයේ 125.35ක ලකුණු රැස්කිරීමේ වේගයකින් යුතුව තරග 5කදී ලකුණු 178ක් රැස් කරමිනි.

මේ වගේ අගය කිරීමක් මේ වගේ අපූරු සම්මාන යමකුට ලැබෙනවා කියන්නේ සැබැවින්ම වචනයෙන් කිව නොහැකි තරමේ දිරිගැන්වීමක්. මා හිතන්නේ නව පණකින් යුතුව වැඩි වැඩියෙන් මගේ කණ්ඩායම වෙනුවෙන් වෙහෙසෙන්න එය කදිම උත්තේජනයක්.'

සම්මාන පිළිබඳ පුවත කන වැකීමෙන් පී්‍රතියට පත්ව සිටින මන්දනා පවසන්නීය.

මීට අමතරව ඇය වසරේ ධ්ඛ්ඛ් ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ද ඇතුළත්ව සිටින්නීය. 2016 වසරේ 'බි්‍රස්බේන් හීට්' සමඟ බිග් බෑෂ් ලීග් කාන්තා විස්සයි - 20 තරගාවලියට එක්වූ ඇය 2018දී හෝබාර්ට් හරිකේන්ස් සමඟ එක්වූවාය.

පාලිත ජයකොඩි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon