නෙඩුන්තාරකී බෝට්ටුව යළි සේවයට

  👤  892 readers have read this article !
By mawbima 2019-01-11

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

යාපනයේ අනලතිව් හා තවත් දූපත් කීපයක් සඳහා සේවයේ යොදවා තිබූ "නෙඩුන්තාරකී" අති සුඛෝපභෝගී මගී ප්‍රවාහන බෝට්ටුව මාස හයක පමණ කාලයකට පසුව යළි සේවයේ යොදවා තිබේ.

මෙම මගී ප්‍රවාහන බෝට්ටුවේ ඇතිව තිබූ යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් එය අලුත්වැඩියා කටයුතු සඳහා යවා තිබිණි.

මේ කාලය තුළ එම දූපත්වලට ගිය මගීන් සඳහා සාමාන්‍ය බෝට්ටු සේවාවක් යොදවා තිබිණි.

නෙඩුන්තාරකෙයි මගී ප්‍රවාහනය බෝට්ටුව ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 30ක් ලෝක බැංකුවෙන්ද ඉතිරි මිලියන 120 ඕස්ට්‍රේලියානු රජය විසින්ද ලබාදී තිබේ.

මේ වනතුරු යාපනයේ වැසියන්ට ඩෙල්ෆ් දූපත දක්වා යෑමට සෘජු බෝට්ටු සේවාවක් ක්‍රියාත්මක නොවූ අතර පෞද්ගලික සාමාන්‍ය බෝට්ටුවකට නාගදීපය හරහා ඩෙල්ෆ් දූපත වෙත යෑමට පැය හතරක කාලයක් ගත විණි.
ඒ ආකාරයෙන් දිනපතාම යාපනයේ සිට ඩෙල්ෆ් දූපත දක්වා යන රජයේ සේවකයන් පවසන්නේ සිය සේවා ස්ථානය වෙත ළඟාවන විට පෙරවරු දහයත් පසුවන බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon