අගමැති රනිල් මාධ්‍ය මර්දනයට කළ හැකි උපරිම දේ කරනවා

  👤  896 readers have read this article !
By mawbima 2019-01-11

ඉෂාරා සිල්වා

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින අලුත් පරපුර, ශ්‍රී ලංකාවේ කාන්තාවෝ වැනි එන්.ජී.ඕ. සංවිධාන මාධ්‍ය ආයතනවලට තර්ජනාත්මක ස්වරූපයෙන් පැහැදිලි කිරීම් නිකුත් කිරීමට පටන්ගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි
ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

මන්ත්‍රිවරයා සඳහන් කර සිටින්නේ මාධ්‍ය මර්දනය කිරීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ හැකි උපරිම දේ සිදු කරන බවයි.

මේ රටේ නැවත කිසිම දවසක එජාපයට සම්බන්ධ කිසිවකුට රටේ පාලකයා වීමට ඉඩ ලබා නොදිය යුතුය යන මතය මේ වනවිට සමාජයේ ගොඩනැඟී ඇති බවත් මන්ත්‍රිවරයා ඊයේ (10දා) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින් පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon