උතුරේ නව ආණ්ඩුකාරවරයා පළමුව යාපනයේ අසරණයන් බලන්න යයි

  👤  918 readers have read this article !
By mawbima 2019-01-11

ඕමන්ත - ශේෂලා අමරසිංහ

උතුරේ නව ආණ්ඩුකාරවරයා පෙරේදා නව තනතුරේ වැඩ භාර ගැනීමෙන් පසුව යාපනය කයිතඩි ප්‍රදේශයේ ළමා නිවාසයක හා කයිතඩි ප්‍රදේශයේ පිහිටි විශේෂ අවශ්‍යතා දරුවන්ගේ පාසලක් වෙතට යෑමෙන් පසුව එම ප්‍රදේශයේම පිහිටි වැඩිහිටි නිවාසයකද සංචාරයක නිතර වීමේ අවස්ථාවන්ට සහභාගි විය.

එහිදී ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා විසින් ළමා නිවාසයේ

ළමයින්ට ආහාර පානාදියද, විශේෂ අවශ්‍යතා දරුවන්ට පළමු වාරය වෙනුවෙන් අධ්‍යාපනික උපකරණද, වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් වෙනුවෙන් ආහාර ද්‍රව්‍ය හා අනෙකුත් පහසුකම් ලබාදීමද සිදුවිය.
එහිදී අදහස් දැක්වූ උතුරු පළාත් ආණ්ඩුකාරතුමා,

නීතිය නැති තැන ප්‍රජාතන්ත්‍රවාදය නැත. සිංහල, දමිළ අපි සියලු දෙනා එකතු වී වැඩ කළ යුතුයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon