මාධ්‍ය ආයතනවලට කඩා පැන්නේ බැඳුම්කරයෙන් මුදල් ගත් පිරිසක්

  👤  935 readers have read this article !
By mawbima 2019-01-11

ශිරාන් රණසිංහ

බැඳුම්කර සිද්ධියෙන් මුදල් ගත් පිරිසක් 'මව්බිම', 'සිරස' ඇතුළු මේ රටේ පිළිගත් මාධ්‍ය ආයතනවලට කඩා වැදී ඊයේ සිදුකළ කලබලය පිළිබඳව වහා සොයා බලා රජය වහාම අවශ්‍ය පියවර ගත යුතු යැයි එ.ජ.නි.ස. පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.

'මව්බිම', 'සිරස' ඇතුළු මාධ්‍ය ආයතනවලට ඊයේ (10 වැනිදා) එක්තරා පිරිසක් කඩා වැදී කළ තර්ජන ගර්ජන සම්බන්ධව අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයක් යැයිද ඒ මහතා කීය.

බැඳුම්කරවලින් මුදල් ගත් පිරිසක් විසින් තමයි මේ මාධ්‍ය ආයතනවලට කඩා වදින්න උත්සාහ කරලා තියෙන්නේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon