කුලී වැඩ කරන තිදරු පියකුටත් වරිපනම් බදු ගෙවන්න කියලා

  👤  936 readers have read this article !
By mawbima 2019-01-11

තෙල්දෙනිය - කේ. නිශ්ශංක

කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ දිගන ගෝනවල දුෂ්කර පෙදෙසක ජීවත්වන දිගන ගෝනවල අංක 35/5 දරන නිවසේ පදිංචි යූ.එච්. ගුණපාල නමැති හැට හැවිරිදි තිදරු පියකුට තම නිවෙසට හා ඉඩම සඳහා මෙවර වරිපනම් බදු ගෙවීමට වහාම ක්‍රියා කරන ලෙසට නියෝග කරමින් ලිපි එවීම නිසා තමන් දැඩි
දුෂ්කරතාවකට පත්වූ බව හෙතෙම 'මව්බිම'ට පැවැසීය.

තමන් ජීවත් වන නිවෙස පිහිටි ප්‍රදේශයේ කැළිකසළ එකතු කිරීමක් කණ්ඩසාලේ ප්‍රාදේශීය සභාව මඟින් නොකරන බව හෙතෙම 'මවිබිම'ට කියයි.

එම ප්‍රදේශයේ මාර්ග පිළිසකර කිරීමක් නොකරයි. වීථි පහන් සවි කිරීමක් හෝ කර නැතැයි හෙතෙම කියයි.

ස්ථිර ආදායමක් නැති තමා නම් කුලී වැඩ කරමින් ජීවත් වන බව කියයි.

තම නිවසේ එකිනෙදා එකතු වන කැළි කසළ සියල්ල වළලා දමන බවත් තමන්ට වඩා උසස් ආදායමක් ලබන ධනවතුන් එම ප්‍රදේශයේ සිටියදී තමන්ගෙන් මෙවර වරිපනම් බදු අය කිරීමට ගන්නා ලද මෙම ක්‍රියාව තරයේ හෙළා දකින බවත්, මෙම ක්‍රියාව වහාම එම සභාවෙන් නවතා දමා තමන්ට සහනයක් ලබාදෙන ලෙස හෙතෙම වැඩිදුරටත් 'මව්බිම'ට සිය දුක්ගැනවිල්ල ඉදිරිපත් කරමින් පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon