විරෝධයට ජවිපෙ සම්බන්ධයක් නෑ - විජිත හේරත්

  👤  2577 readers have read this article !
By mawbima 2019-01-11

අනුරාධා හේරත්

මාධ්‍ය ආයතනවලට එරෙහිව ඊයේ (10දා) පැවැත්වූ විරෝධතාවට ජනතා විමුක්ති පෙරමුණේ කිසිදු සම්බන්ධයක් නැතැයි එහි ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් පවසයි. යම් අවස්ථාවල ජවිපෙට චෝදනා එල්ල වුවත් තම පක්ෂය එදා සිට මාධ්‍ය නිදහස වෙනුවෙන් මැදිහත් වූ බවද මන්ත්‍රිවරයා කීය.

ඔහු පැවැසුවේ පසුගිය කාලවකවානුව තුළ මාධ්‍ය ආයතනවලට බෝම්බ ගැසීම්, මාධ්‍යවේදීන් පැහැර ගෙන යෑම්, මාධ්‍යවේදීන්ගේ අත පය කඩා දැමීම, ඝාතනය කිරීම් සිදු වූ අතර ඒ හැම මොහොතකම තම පක්ෂය ඊට එරෙහිව මැදිහත් වූ බවත් වත්මන් ආණ්ඩුවද විවිධාකාරයෙන් මාධ්‍ය මර්දනයෙහි නිරතව සිටින බවය.


ඕනෑම මාධ්‍යයක් විවේචනය කිරීමේ අයිතිය යම් පාර්ශ්වයකට තිබුණද ඊයේ පැවැති මාධ්‍ය විරෝධයට ජවිපෙ මැදිහත් වීමක් නොමැති බව පැවැසූ ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මාධ්‍ය සම්බන්ධව විවේචනය කිරීමට යම් පාර්ශ්වවලට අයිතිය ඇති සේම ඒවා භාර ගැනීම හෝ භාර නොගැනීමටද ජනතාවට අයිතිය ඇති බවත්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon