ආණ්ඩුවේ මාධ්‍ය මර්දනයේ තවත් පියවරක්

  👤  2544 readers have read this article !
By mawbima 2019-01-11

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

රට ෆෙඩරල් කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒම සඳහා ආණ්ඩුව මාධ්‍ය මර්දනය කිරීමට පටන්ගෙන තිබෙන බවත් එම මාධ්‍ය මර්දන වැඩසටහන යටතේ එක් අංගයක් වශයෙන් කළු ඇඳුම් ඇඳගත් පිරිස් මාධ්‍ය ආයතන ඉදිරිපිටට පැමිණ තර්ජනය කර තිබෙන බවත් හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා 'මව්බිම'ට ප්‍රකාශ කළේය.

වර්තමාන ආණ්ඩුවේ වුවමනාව මත ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන එක්වී මාධ්‍ය වෙත මෙම තර්ජනය සිදුකරන්නේ ෆෙඩරල් ව්‍යවස්ථාව ගැන මෙම මාධ්‍ය මඟින් ජනතාව...දැනුවත් කිරීමට ගෙන යන ක්‍රියාවලිය අඩපණ කිරීමට බවද විපක්ෂ නායකයා පෙන්වා දෙයි. කළු මාධ්‍ය යනුවෙන් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී මාධ්‍ය වෙත තර්ජනය කිරීමෙන් අනතුරුව කළු ඇඳුම් ඇඳගෙන ආණ්ඩුවේ වුවමනාව මත පිරිසක් පැමිණ මෙසේ මාධ්‍ය ආයතන වෙත අනතුරු ඇඟවීම සැලසුම් සහගතව සිදු වූ දෙයක් බව ඉතා හොඳින් පැහැදිලි වන බවද මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.


ඇතැම් මාධ්‍ය ආයතනවලට රජයේ වෙළඳ දැන්වීම් ලබා නොදීම, ඇතැම් මාධ්‍යවේදීන්ගේ නම් කියමින් තර්ජනය කිරීම, චෙක්පත් සූදානම් කරගන්නා ලෙසට මාධ්‍ය ආයතනවලට අනතුරු ඇඟවීම, මාධ්‍ය ආයතන වෙත පැමිණ විරෝධය දැක්වීම ඇතුළු අංශ කිහිපයකින්ම ආරම්භ කර තිබෙන මෙම මාධ්‍ය මර්දනය වහාම නතර කරන ලෙසට ආණ්ඩුවට විපක්ෂය ලෙස බලකරන බවද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon