විදේශිකයන් 3,000කගේ සහභාගිත්වයෙන් උස්සන්ගොඩ සංචාරක කඳවුර ඇරැඹේ

  👤  2557 readers have read this article !
By mawbima 2019-01-11

උදයන්ති මුණසිංහ

රටවල් 70ක් නියෝජනය කරමින් හත් වැනි වරටත් සංවිධාන කරනු ලැබූ 'උස්සන්ගොඩ සංචාරක කඳවුර' ඊයේ (09දා) ආරම්භ කෙරුණු අතර ඒ සඳහා විදේශිකයන් 3,000ක් සහභාගි වී තිබේ.

මේ සංචාරක කඳවුර සංචාරක සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ රජයේ සියලු අංශයන්ගේ සහයෝගයෙන් පරිසර හිතකාමී කෙටිකාලීන සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කරනු ලබයි.

එමෙන්ම මේ වැඩසටහන තුළින් ප්‍රදේශයේ ජනතාවට ආර්ථික වාසි රැසක් අත් වී තිබේ.

මෙහි සමාරම්භක උත්සවය සනිටුහන් කරමින් ඊයේ දිනයේ දේශීය සංස්කෘතික නර්තන මෙන්ම විදේශීය පොප් සංගීත කණ්ඩායම් රැසක්ද එක්ව සිටියහ.
මේ අතර එළැඹෙන 15දා තෙක් මේ වැඩසටහන පැවැත්වෙන බව එහි සංවිධායක මණ්ඩලය සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon