පුද්ගලයන් අගය කිරීම ගැන සමච්චල් කරන අය නිසා මා තව තවත් ශක්තිමත් වෙනවා

  👤  2557 readers have read this article !
By mawbima 2019-01-11

උපතිස්ස පෙරේරා

මහජනතාවගේ මුදලින් ඉදිකළ නිවාස තම බිරියට සොහොයුරන් ඇතුළු ඥාති හිතවතුන්ට බෙදා දෙන විට වචනයක් කතා නොකර නිහඬව සිටි සමාජ ජාලා මාධ්‍ය යහපාලන රජය යටතේ මහජන මුදලින් ඉදිකරන නිවාස පවුලේ අය අතර නොබෙදා රටට කීර්තියක් අත්කරදුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු නිවාස නොමැති ජනතාවට බෙදා දෙන විට එය හාස්‍යයට ලක් කිරීම කනගාටුවට කරුණක් බව නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රටට කීර්තියක් අත්කරදුන් පුද්ගලයන් අගය කිරීම සමච්චලයට ලක්කරන පුද්ගලයන්ගේ මෙම ක්‍රියා නිසා තමන් තව තවත් ශක්තිමත් වන බව සඳහන් කරන අමාත්‍යවරයා යහපාලන රජයේ සංවර්ධන කටයුතු කඩාකප්පල් කිරීමට පසුගිය දින 52ක් තුළ ඔවුන් ගෙන ගිය විකට රංගනය හේතුවෙන් 2018 වසර සඳහා නිවාස ඉදිකිරීමට වෙන්කර තිබූ රුපියල් ලක්‍ෂ විසිදහසක් වියදම් නොකර ආපසු මහ භාණ්ඩාගාරය වෙත යැවුණු බවත් ව්‍යාජ අගමැතිවරයා පත්කළ වහාම ඔහුගේ ලේකම්වරයා කළ ප්‍රථම නියෝගය වූයේ වහාම නිවාස වැඩසටහන් අත්හිටුවන්න යැයි නියෝග කිරීම බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

බර ඉසිලීමේ ජාත්‍යන්තර තරගවලදී ශ්‍රී ලංකාවට කීර්තියක් මෙන්ම මහත් අභිමානයක් අත්කර දෙමින් වැඩිම පදක්කම් ප්‍රමාණයක් එනම් රන්, රිදී පක්කම් 52ක් හිමිකර දුන් ‍ෙදාන් කවින්ද රන්සිළු ජයතිලක ක්‍රීඩකයාගේ දක්‍ෂකම් අගය කරමින් නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඔහුට අඟුලාන සයුරුපුර මහල් නිවාස සංකීර්ණයෙන් නිවෙසක් පිරිනැමීමේ අවස්ථාවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද ප්‍රකාශ කළේය. "රුපියල් 35000ක මාසික කුලියකට බොරලැස්ගමුවේ නිවෙසක තම බිරිය හා මවුපියන් සමඟ ජීවත් වෙනවා. ඔහුගේ ශරීර ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා මසකට රුපියල් ලක්‍ෂයක පමණ මුදලක් වැයවන බැවින් හෙතෙම දැඩි අසීරුතා මැද ක්‍රීඩා කටයුතු කරගෙන යන බවත් දැනගන්නට ලැබුණා.

ඔහු පිළිබඳ මා කිසි තොරතුරක් දැන සිටියේ නැහැ. අගහිඟකම් රැසක් මැද ඔහු අපේ රටට කීර්තියක් අත්කරදීම පිළිබ¼ද දුරකථනයෙන් මා දැනුවත් කළේ මා කිසිවිටෙක නොහඳුනන සුභාෂිනි නමැති මහත්මියක්. එතුමියට මගේ ස්තුතිය පිරිනමනවා. ඒ වගේම මෙතෙක් රන්සිළු ජයතිලක ක්‍රීඩකයාගේ දක්‍ෂකම් හා හැකියාවන් ඇගයීමට ලක් නොවීම පිළිබඳ මම කනගාටුව ප්‍රකාශ කරනවා. ඔහුගේ පෝෂණ කටයුතු වර්ධනය කර ගැනීම සඳහා ව්‍යාපාරිකයකුගේ හෝ පරිත්‍යාගශීලීයකුගේ සහාය ඇතිව මූල්‍ය පරිත්‍යාගයක් ලබාදීමට පියවර ගන්නවා."

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon