විදුලි බිලට මිල සුත්‍ර නෑ

  👤  2519 readers have read this article !
By mawbima 2019-01-11

හර්ෂනී අර්සකුලරත්න

විදුලි බිලට කිසිදු මිල සූත්‍රයක් ගෙන එන්නේ නැති බව විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවි කරුණානායක පවසයි.

සිය අමාත්‍යාංශය යටතේ පවතින කිසිදු ආයතනයකට එවැනි මිල සූත්‍රයක් හඳුන්වා නොදෙන බවත් විදුලි බිලට මිල සූත්‍රයක් ගෙන එන බවට පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍ය බවත් ඇමැතිවරයා 'මව්බිම'ට පැවැසීය.
ඉදිරියේදී පාරිභෝගිකයාට විදුලි බිලෙන් සහන සැලසෙන වැඩපිළිවෙළක් දියත් කිරීම තම අරමුණ බවද සිය ආයතනවල සූත්‍ර වැඩපිළිවෙළක් නම් කිසිසේත්ම ගෙන නොඑන බවද ඔහු කීවේය.

සූත්‍ර හරහා පාරිභෝගිකයා මතට පීඩනයක් ගෙන ඒමට තමා කෙසේවත් එකඟ නැති බවද ඉදිරියට ගෙන එන්නේ පාරිභෝගිකයාට සහන ගෙන එන වැඩපිළිවෙළක් යැයිද හෙතෙම පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon