නීති විරෝධී දුම්වැටි ආනයනයෙන් කෝටි 1800ක බදු මුදලක් 2018දී රජයට අහිමි වෙලා

  👤  2502 readers have read this article !
By mawbima 2019-01-11

දෙනගම ධම්මික රණවීර

ඡායාරූප - දුමිඳු වනිගසේකර

නීති විරෝධී දුම්වැටි ආනයනය නිසා 2018 වසරේදී රුපියල් කෝටි 1800කට අධික බදු ආදායමක් රජයට අහිමි වී ඇතැයි විවෘත විශ්වවිද්‍යාලයේ සහ කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් තිදෙනකු විසින් කරන ලද සමීක්‍ෂණයකදී අනාවරණය වී තිබේ.

විවෘත විශ්වවිද්‍යාලයේ ආචාර්ය එස්.එන්.මොරායස්, මහාචාර්ය එස්.එස්. කොළඹගේ සහ කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය සී.එන්. රත්නායක යන මහත්වරුන් විසින් කරන ලද එම පර්යේෂණ පත්‍රිකාව පසුගියදා (07දා) විවෘත විශ්වවිද්‍යාලයේ දී එළිදැක්වනු ලැබිණි.

මේ නීති විරෝධී දුම්වැටි වෙළෙඳපොළ සමස්ත දුම්වැටි වෙළෙඳපොළෙන් 15.57%ක් බවද එම පර්යේෂණය මඟින් අනාවරණය කොට ඇත.

නීත්‍යානුකූලව නිපදවන දුම්මැටි මත පනවා ඇති බදු ඉහළ නැංවීම මඟින් දුම්පානය අඩුවන බවට බොහෝ දෙනා අතර පවතින අදහස සත්‍යයෙන් තොර එකක් වීමට ඉඩ ඇති බවද "ශ්‍රී ලංකාවේ නීති විරෝධී දුම්වැටි ජාවාරම හා එමඟින් අහිමි වන බදු මුදල් පිළිබඳ පදනම් අධ්‍යයනය" නමැති එම වාර්තාව මඟින් සඳහන් කර ඇත.

නීති විරෝධී දුම්වැටි සම්බන්ධයෙන් දඬුවම් ප්‍රමාණවත් නොවීම එය වර්ධනය වීමට හේතුවන බවද පෙන්වා දෙන එම පර්යේෂණ පත්‍රිකාව මඟින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ඒ සඳහා සංවිධානාත්මක අපරාධ කල්ලිවල සහයෝගය ලබා එවා කරන බවකි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon