අප්‍රිකාවේ සුනඛයන්ට හැදෙන ලෙඩක් ලංකාවේ සුනඛයන්ටත්

  👤  2561 readers have read this article !
By mawbima 2019-01-11

මහනුවර - නදීක දයා බණ්ඩාර

සුරතලයට ඇති කරන සුනඛයන් ආශ්‍රිතව පැතිර යන රෝගයක් ශ්‍රී ලංකාවේ පළමුවරට පේරාදෙණිය විශ්වවිද්‍යාලය මඟින් සිදුකරන ලද පරීක්‍ෂණයකින් හඳුනාගෙන තිබේ.

අප්‍රිකානු රටවල සුනඛයන් අතර පවතින මේ රෝගය මිනිසාටද ආසාදනය වන නමුත් එය මිනිසාට දැඩි බලපෑමක් සිදු නොවන බවත් චර්ම රෝගී ලක්ෂණ ඉන් පෙන්නුම් කරන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජේ‍යෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය අශෝක දංගොල්ල මහතා ප්‍රකාශ කළේය.

අක්‍ෂි රෝග තත්ත්වයකින් පෙළෙන ගෘහාශ්‍රිත සුනඛයකු ප්‍රතිකාර සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු ශික්ෂණ රෝහලට බළන්ගොඩ ප්‍රදේශයේ සිට යොමු කිරීමෙන් පසු එම සුනඛයාගේ රුධිර සාම්පල පරීක්‍ෂා කිරීමේදී එම සත්ත්වයා ඊපරනචදචඵධථච නම් රෝගී තත්ත්වයෙන් පෙළෙන බව හඳුනාගෙන තිබේ.

එම රෝගී තත්ත්වය ශ්‍රී ලංකාවේ වාර්තා වන පළමු අවස්ථාව මෙය වන අතර රෝගී තත්ත්වය වාර්තා වූ මුලතිව් සහ බළන්ගොඩ ප්‍රදේශවල සුනඛයන්ගේ රුධිර සාම්පල එකතු කොට පරීක්‍ෂා කිරීම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨය මඟින් සිදුකරන බව මහාචාර්යවරයා සඳහන් කළේය. නිවෙස්වල සුරතලයට ඇති කරන සුනඛයන්ට සාපේක්‍ෂව නිදැල්ලේ සැරිසරන සුනඛයන්ගේ ප්‍රතිශක්ති මට්ටම ඉහළ බැවින් ගෘහාශ්‍රිත සුරතල් සුනඛයන් පිළිබඳ විමසිලිමත් විය යුතුයි. කී මහාචාර්යවරයා මේ රෝගය සුනඛයාගේ සිට රෝග වාහකයෙක් මඟින් මිනිසුන්ට වැලඳීමේ හැකියාව ඇතැයිද කීවේය.

ප්‍රතිකාර සඳහා පේරාදෙණිය පශු රෝහලට ඇතුළත් කළ සුනඛයා මරණයට පත්ව ඇති අතර කල්තියා හඳුනාගෙන ප්‍රතිකාර කිරීම මඟින් සතුන් බේරාගත හැකි යැයිද මහාචාර්ය අශෝක දංගොල්ල මහතා කීය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ සත්ත්ව විද්‍යා අංශයේ මහාචාර්ය රූපිකා රාජකරුණා. කීට විද්‍යාඥ නිර්මාල් සුබසිංහ, විද්‍යා පීඨයේ සත්ත්ව විද්‍යා අංශයේ ආචාර්ය ප්‍රියංකා දි සිල්වා, සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ ශිෂ්‍ය ලිලංක විජේසුන්දර, සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ ශිෂ්‍ය සජිනි ගුණවර්ධන, රජයේ වෛද්‍ය නිලධාරි පශු වෛද්‍ය නිසංසලා, රජයේ වෛද්‍ය නිලධාරි පශු වෛද්‍ය ප්‍රියංකා යන මහත්ම මහත්මීන් ඇතුළු පර්යේෂණ මඬුල්ලකගේ සහයෝගයෙන් ඉදිරි පරීක්‍ෂණ කටයුතු කඩිනමින් සිදුකරන බව මහාචාර්ය අශෝක දංගොල්ල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon