පන්දාහක අල්ලස් ගත් පොලිස් සැරයන්ට වසර 4ක සිරදඬුවමක්

  👤  2541 readers have read this article !
By mawbima 2019-01-11

කේ. එස්. උදයකුමාර්

අපරාධ ක්‍රියාවකට සම්බන්ධ පුද්ගලයකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගෙන සිටීම සඳහා පුද්ගලයකුගෙන් රුපියල් 5,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එය ලබා ගත්තේ යැයි චෝදනා එල්ල වී සිටි ගොකරැල්ල පොලිසියට අනුයුක්තව සිටි සැරයන්වරයකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් බරපතළ වැඩසහිත වසර 4ක සිර දඬුවමක් නියම කළේය.

රංජිත් බස්නායක නමැති පොලිස් සැරයන්වරයකුට එරෙහිව මෙම සිරදඬුවම ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා ඊට අමතරව විත්තිකරුට රුපියල් 12,000ක දඩ මුදලක්ද නියම කළේය.

2011 වසරේ ජුනි මස 22දා නීති විරෝධි මත්පැන් පිළිබඳ අපරාධ ක්‍රියාවක් සඳහා චෝදනා ලබා සිටි පුද්ගලයකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර සිටීම සඳහා රුපියල් 5,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එය ලබාගත්තේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම අදාළ විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබිණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු විකුම් කළුආරච්චි මහතා නියෝග කර සිටියේ අල්ලස් කොමිසම විසින් විත්තිකරුට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බවයි.
ඒ අනුව විත්තිකරුට එරෙහිව සිර දඬුවම් හා දඩ මුදල් නියම කරන බවද තීන්දුවේ සඳහන් වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon