දෙකඩ වී ඇති ශ්‍රී ලනිපය එකතු කිරීම දැළි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්

  👤  2767 readers have read this article !
By mawbima 2019-01-11

පෞද්ගලික න්‍යාය පත්‍රවලට යට නොවී ජනතා මතයට ගරු කරමින් දෙකඩ වී තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රාහී මාවතට ගෙන ඒම ඉතා සංයමයෙන් කළ යුතුව ඇතැයි ශ්‍රී ලනිප ජේ‍යෂ්ඨ උප සභාපති පා.ම. නිමල් සිරිපාල ද සිල්වා පැවැසීය. ඒ මහතා මේ බව කියා සිටියේ දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලනිප මහ ලේකම් ලෙස ඊයේ (10දා) කොළඹ, ශ්‍රී ලනිප මූලස්ථානයේ දී වැඩ භාරගැනීමෙන් අනතුරුව පැවැති පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමිනි.

දෙකඩ වී ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යළි එකට එකතු කිරීම දැළි පිහියෙන් කිරි කනවා වැනි අසීරු කාර්යයක් යැයිද පෞද්ගලික න්‍යාය පත්‍රවලට යට නොවී පොදු න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කර පක්ෂ නායකයන්, සාමාජිකයන් එකතු කර පක්ෂය දිනවීමට අවශ්‍ය වැඩපිළිවෙළ සැකසීම ඉතා සංගමයෙන් කරන ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතා අදහස් දක්වමින් කීය.

පෞද්ගලික න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමට ගොස් පක්ෂ විනාශ වූ බවද ඒ නිසා වඩාත් වැදගත් වන්නේ පොදු න්‍යාය පත්‍රයකට අනුව පක්ෂය යළි එකට එකතු කර වාම බලවේග සියල්ල එකට එකතු කර ජනතා සිතුම් පැතුම්, අභිලාෂ තේරුම් ගෙන කටයුතු කිරීම යැයිද පැවැසීය.

දේශපාලනය හසුරවන්නෙ ජනතා බලවේග විසින් යැයිද ඒ නිසා ජනතා මතයට ගරු කිරීම ඉතා වැදගත් යයිද නිමල් සිරිපාල ද සිල්වා මහතා කීය.

ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභාව ඒකමතිකව ගත් තීරණයකට අනුව පක්ෂ මහ ලේකම් ලෙස දයාසිරි ජයසේකර මහතා පත් කළ බවත් පක්ෂය තුළ ඇති විවිධ අභ්‍යන්තර මතවාද, අදහස්, ගැටුම් ආදී සියල්ල එක මතයකට ගෙන එජාපය පරාජය කර ශ්‍රී ලනිප ජයග්‍රහණය කරා රැගෙන යා යුතුව බවත් කීය.

එහිදී නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේද පැවැසීය.

අපි මැති ඇමැතිකම් දාලා දැන් ආණ්ඩුවෙන් එළියට ආවා. දැන් සියලු දෙනා එකට එකතු වෙලා සමඟි සන්ධානයක් හදන්න සූදානම්. නමුත් එක රැයෙන් ඒ දේ සිදුවන්නෙ නෑ. ශ්‍රී ලනිප ඊළඟ ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රිපාල සිරිසේන කියලා අපි නම් කරලා ඉවරයි. තවත් කාට හරි අවශ්‍ය නම් ඒ අයගේ අපේක්ෂකයො නම් කරන්න පුළුවන්. නාම යෝජනා දෙනතුරු අපිට අපේ සුදුසුම අපේක්ෂකයා තෝරාගත හැකියි. ඒ නිසා සියලු දෙනා එකඟ වන පොදු අපේක්ෂකයෙක් ඊළඟ මැතිවරණයට ඉදිරිපත් කරන්න අපි සූදානම්.

ශ්‍රී ලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර
99 පළාත් සභා මැතිවරණයට භාරදුන් නාම යෝජනා ලැයිස්තුවේ නම ටිපෙක්ස් කරලා මගෙ නම කපලා තිබුණා. ශ්‍රී ලනිප දේශපාලනයෙන් ඉදිරියට යන්න මට අත දෙන්න කෙනෙක් හිටියෙ නෑ. අපේ අම්මයි තාත්තයි හොඳ ඡන්ද දායකයෝ වුණාට තනතුරු බලය තිබුණු අය නෙවෙයි. මම දුක් මහන්සියෙන් මේ දේශපාලන ගමන ආවේ. එවකට පක්ෂ නායිකාව සමඟ ඇති වූ ප්‍රශ්නයක් මත 2004 මම එජාපයට එක් වුණා. අවුරුදු 13ක් මම විපක්ෂයේ හිටියා. එජාප නායකත්වයෙන් රනිල් ඉවත් කරන්න සටන් කළා. පාර්ලිමේන්තු මන්ත්‍රිකම අත්හැරලා ශ්‍රී ලනිප ප්‍රමුඛ සන්ධානයට එක්වෙලා වයඹ පළාත් සභා මැතිවරණයට තරග කළා. එහිදී මට මනාප 3,36,000ක ඉතිහාසගත ජයග්‍රහණයක් ලැබුණා. ඊට පස්සේ මේ වාර්තාවේ ඉන්නේ මනාප 2,98,000ක් බස්නාහිර පළාත් සභා ඡන්දෙන් ගත්ත චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියයි.

ශිරාන් රණසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon