අන්තර්සමාජ ප්‍රමුඛ පෙළ ක්‍රිකට් තරගාවලිය තරග 6ක් අදින් ඇරැඹෙයි

  👤  2512 readers have read this article !
By mawbima 2019-01-11

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර්සමාජ ප්‍රමුඛ පෙළ ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග කිහිපයක් අද (11දා) කොළඹදී, කළුතරදී සහ පනාගොඩදී ආරම්භ වීමට නියමිතය.

ඒ අනුව 'ඒ' කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ තුන්වැනි ස්ථානයේ රැඳී සිටින ටැමිල් යූනියන් කණ්ඩායම සහ 'ඒ' කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ රැඳී සිටින මුවර්ස් කණ්ඩායම අතර තරගය මුවර්ස් ක්‍රීඩාංගණයේදීත්, එන්.සී.සී. කණ්ඩායම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම අතර තරගය එන්.සී.සී. ක්‍රීඩාංගණයේදීත් දින 3ක් පුරා පැවැත්වේ.

තවද රාගම ක්‍රීඩා සමාජ කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම අතර තරගය පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී 'ඒ' කාණ්ඩයේ තරගයක් ලෙසින් පැවැත්වේ. එමෙන්ම බදුරලිය කණ්ඩායම සහ සී.සී.සී. කණ්ඩායම අතර තරගය 'බී' කාණ්ඩයේ තරගයක් ලෙසින් සී.සී.සී. ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

මේ අතර 'බී' කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ තුන්වැනි ස්ථානයේ රැඳී සිටින කෝල්ට්ස් කණ්ඩායම සහ එම සටහනේ 6 වැනි ස්ථානයේ රැඳී සිටින බී.ආර්.සී. කණ්ඩායම අතර තරගය කොළඹ බී.ආර්.සී. පිටියේදී අද ආරම්භ වන අතර සැරසන්ස් කණ්ඩායම සහ මීගමුව ක්‍රීඩා සමාජ කණ්ඩායම අතර තරගය 'බී' කාණ්ඩයේ තරගයක් ලෙසින් අද ආරම්භ වන්නේ කළුතර සරේ විලේජ් ක්‍රීඩාංගණයේදීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon