ඩයලොග් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ගුවන් හමුදා ප්‍රහාරය නිසා කලම්බු එෆ්.සී. ජයග්‍රහණය වළකී

  👤  2511 readers have read this article !
By mawbima 2019-01-11

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන "ඩයලොග් චැම්පියන්ස් ලීග්" පාපන්දු තරගාවලියේ 9 වැනි සතියේ පැවැති තරගයකදී කලම්බු එෆ්.සී. කණ්ඩායම සතුව තිබූ ජයග්‍රහණය අවසන් මොහොතේදී ගුවන් හමුදා කණ්ඩායම විසින් වළකා ගැනීම කැපී පෙනිණි.

ඒ අනුව කලම්බු එෆ්.සී. කණ්ඩායම පළමු භාගයේදී 2-1ක් ලෙස ඉදිරියෙන් සිටියද තරගයේ 94 වැනි විනාඩියේදී ගුවන් හමුදා කණ්ඩායමේ බී.එස්.සී. ප්‍රනාන්දු විසින් ලැබූ ගෝලය හේතුවෙන් තරගය 2-2ක් ලෙස ජය පැරදුමෙන් තොරව අවසන් වීම විශේෂත්වයකි.

එහිදී කලම්බු එෆ්.සී කණ්ඩායම වෙනුවෙන් බී.එම්.සී.බී. රත්නායක හා ටී.එෆ්.බී. දිමිත්‍රි විසින් තරගයේ 22 හා 43 වැනි විනාඩිවලදීත්, ගුවන් හමුදාව වෙනුවෙන් කවිඳු ඉෂාන් හා බී.එස්.සී. ප්‍රනාන්දු විසින් තරගයේ 17 වැනි හා 94වැනි විනාඩිවලදීත් ගෝල ලබා තිබිණි.

මේ අතර නාවලපිටිය ජයතිලක ක්‍රීඩා පිටියේදී පැවැති ක්‍රිස්ටල් පැලස් හා බ්ලූ ස්ටාර් තරගයේ 24 වැනි විනාඩියේදී එස්. ජයරාජ් ලැබූ ගෝලය හේතුවෙන් ගෝල 1-0ක් ලෙස ජය අත්කර ගැනීමට බ්ලූ ස්ටාර් කණ්ඩායම සමත් විය.

කෙසේ වෙතත් තරගාවලිය පැවැති 9වැනි සතිය වනවිට මුළු ලකුණු 20ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට නේවි සී හෝක්ස් කණ්ඩායම සමත්ව සිටින්නේ තරග 9කට සහභාගි වී තරග 6ක් ජයගනිමිනි. මුළු ලකුණු 20ක් ලබා එහි දෙවැනි තැන බ්ලූ ස්ටාර් කණ්ඩායමටත්, මුළු ලකුණු 19ක් ලබා කලම්බු එෆ්.සී. කණ්ඩායම තෙවැනි තැනටත් පත්ව සිටී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon