බී.පී.එල්. තරගාවලියේදී ඔට්ටු ඇල්ලූ ඉන්දියන් ජාතිකයන් 5කට වැඩ වරදී

  👤  2555 readers have read this article !
By mawbima 2019-01-11

මේ දිනවල පැවැත්වෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය (බී.පී.එල්.) අතරතුර නීති විරෝධී ඔට්ටු ඇල්ලීම් සිදු කළ ඉන්දීය ජාතිකයන් 5 දෙනකුට බංග්ලාදේශ ටකා 4000 (රුපියල් 8,700) බැගින් දඩ මුදල් නියම කිරීමටත් ඔවුන්ට නැවතත් මෙම තරගාවලිය තුළදී ක්‍රීඩාංගණ තුළට ඇතුළු වීම වැළැක්වීමටත් බංග්ලාදේශ විශේෂ ජංගම අධිකරණය පසුගියදා පියවර ගෙන තිබිණි.

ඒ අනුව ශරේ බංග්ලා ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති බී.පී.එල්. තරගයකදී ජංගම දුරකථන භාවිත කරමින් නීති විරෝධී ඔට්ටු ඇල්ලීම නිසා මෙම දඬුවම පැනවීමට විශේෂ අධිකරණය පියවර ගෙන ඇත. පසුගිය වසරේ ජනවාරි මාසයේදී පැවැති බංග්ලාදේශ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගන්නා ලද තීරණයකට අනුව ඩකා, චිතගොන් සහ ෂිලෙට්හිදී පැවැත්වෙන ක්‍රිකට් තරගවලදී සිදුවන නීති විරෝධී ඔට්ටු ඇල්ලීම් වැළැක්වීමේ අරමුණින් මෙම විශේෂ ජංගම අධිකරණය පිහිටුවා තිබිණි.

තවද 2019 බී.පී.එල්. තරගාවලියේ පළමු දින තුනේදී පමණක් ඉන්දියානුවන් 6 දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 20 දෙනකු ඉහත චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන ඇති බවද එරට මහෙස්ත්‍රාත්වරයකු මාධ්‍ය හමුවේ පවසා ඇති බවද වාර්තා වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon