2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට වොලිබෝල් සංචිත තෝරා ගැනීම 14දා

  👤  2522 readers have read this article !
By mawbima 2019-01-11

නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැත්වෙන 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වීමට නියමිත ශ්‍රී ලංකා ජාතික පිරිමි වොලිබෝල් සංචිතය සඳහා ක්‍රීඩකයන් තෝරාගැනීමේ මූලික පරීක්ෂණ මෙම මස 14 වැනිදා පැවැත්වීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය කටයුතු යොදා ඇත.

කොළඹ ටොරිංටන් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම මූලික තේරීම් පරීක්ෂණය එදින උදෑසන 8.30ට ආරම්භ වීමට නියමිත අතර ඒ ස¼දහා සහභාගි වීමට කැමති ක්‍රීඩකයන් එදින පෙරවරු 8.00ට පෙර එම ක්‍රීඩාංගණයට වාර්තා කළ යුතු බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය දන්වා සිටී.

තවද මෙම තේරීම් පරීක්ෂණයට සමගාමීව මෙම මස 14 සහ 15 යන දිනවලදී, වයස අවුරුදු 23න් පහළ පිරිමි ආසියානු ශූරතා වොලිබෝල් තරගාවලිය සඳහා සහභාගි වීමට නියමිත ශ්‍රී ලංකා සංචිතය තොරා ගැනීමේ මූලික පරීක්ෂණ ද පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. කෙසේ වෙතත් වයස අවුරුදු 23න් පහළ පිරිමි සංචිතය තොරා ගැනීමේ පරීක්ෂණ සඳහා සහභාගි විය හැක්කේ 1997 වර්ෂයේ ජනවාරි 01 වැනිදා හෝ ඉන් පසුව උපන් ක්‍රීඩකයන්ට පමණක් බවද ශ්‍රී ලංකා වොලිබෝල් සම්මෙලනය නිවේදනය කරයි.

මෙම තේරීම් පරීක්ෂණ පිළිබඳ වැඩි විස්තර එම සංගමයේ ලේකම් ඒ. එස්. නාලක මහතා (අංක _ 0112669344) අමතා ලබාගත හැකිය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon