රසායන ද්‍රව්‍ය අඩංගු යකඩ බැරලය පුපුරා සේවකයෙක් මිය යයි

  👤  2633 readers have read this article !
By mawbima 2019-01-10

තංගල්ල - සහම්පති මානගේ

බෙලිඅත්ත, ගැටමාන්න ප්‍රදේශයේ පිහිටා ඇති පෞද්ගලික ඉදිකිරීම් ආයතනයකට අයත් වැඩබිමක සේවය කරමින් සිටි පුද්ගලයෙක් රසායන ද්‍රව්‍ය අඩංගුව තිබූ යකඩ බැරලයක් කැපීමට උත්සාහ කිරීමේදී එය පුපුරා යෑම නිසා ඊයේ (09දා) ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි බෙලිඅත්ත පොලිසිය කියයි.

මෙලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ නුවරඑළිය, රාගල, කඩවීදියපොළ ප්‍රදේශයේ පදිංචි එන්.කේ. හතරසිංහ (55) නම් අයෙකි. බෙලිඅත්ත, ගැටමාන්න, කොන්ගස් හන්දිය ප්‍රදේශයේ පිහිටා ඇති ඉදිකිරීම් ආයතනයකට අයත් වැඩබිමක මේ පුද්ගලයා සේවය කරමින් සිටින අතරතුරදී ඊයේ (09දා) පෙරවරු 10.00ට පමණ අනතුරට ලක්ව ඇත.

රසායන ද්‍රව්‍ය ගබඩා කර තිබූ යකඩ බැරලයක් කැපීමට උත්සාහ කිරීමේදී එම බැරලය පුපුරා යෑම නිසා බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමට ගෙනයන අතරතුරදී ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි. මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය තංගල්ල මූලික රෝහලේ තැන්පත් කර ඇත. වැඩබිමෙහි පවතින අනාරක්‍ෂිත තත්ත්වය හේතුවෙන් මෙම අනතුර සිදුවූ බව සේවකයෝ පවසති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon