උතුරේ ජනතා ප්‍රශ්න හඳුනන ආණ්ඩුකාරවරයකු උතුරට ලැබීම සතුටක් - හිටපු මහ ඇමැති විග්නේශ්වරන්

  👤  2624 readers have read this article !
By mawbima 2019-01-10

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ , මුලතිව් - ශෂි කුමාර්

දෙමළ ජනතාවගේ ප්‍රශ්න හා ගැටලු අවබෝධ කර ගැනීමට හැකියාව ඇත්තේ දෙමළ ජාතිකයකුට පමණක් නිසා උතුරු පළාතට දෙමළ ජාතික ආණ්ඩුකාරවරයකු පත් කිරීම පිළිබඳව තමන් සතුටට පත් වන බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා පවසයි.

උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස සුරේන් රාගවන් මහතා පත් කිරීම පිළිබඳව තමන් සතුටට පත් වන නමුත් ආණ්ඩුකාරවරයා දෙමළ වුවත් ඔහු පාලනය කරන රජය සිංහල බෞද්ධකම පමණක් උරුම කරගත් පුද්ගලයන් සිටින රජයක් වීම නිසා දෙමළ ජනතාවගේ ගැටලුවලට නිසි පිළියම් නොලැබෙන බවද කියා සිටියේය.

යාපනයේදී මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් මෙසේ කියා සිටි විග්නේශ්වරන් මහතා,

දෙමළ ජාතිකයකුට දෙමළ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් අවබෝධයක් පවතින බවත් දෙමළ ජනතාවගේ ගැටලු වෙනුවෙන් දෙමළ ජාතිකයකු ලෙස සිතා කටයුතු කිරීම වැදගත් වන බවද නව ආණ්ඩුකාරවරයා වෙත සුබ පැතුම් එක් කරමින් පැවැසුවේය.

දෙමළ ජනතාවගේ ගැටලු වෙනුවෙන් සම්බන්ධව කටයුතු කළ හැකි දෙමළ නියෝජිතයකු පළමු වරට උතුරු පළාත් ආණ්ඩුකාර ලෙස පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත සිය ස්තුතිය පළ කරන බවද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

හිටපු ප්‍රධාන අමාත්‍යවරයා පැවැසුවේ, රාගවන් මහතා දෙමළ ජනතාවගේ ගැටලු අවබෝධ කරගෙන කටයුතු කරනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon