ආසනයකට 500 ගාණේ රනිල්ගෙන් රැකියා 75,000ක්

  👤  2789 readers have read this article !
By mawbima 2019-01-10

උපතිස්ස පෙරේරා

තරුණ තරුණියන්ගේ විරැකියා ප්‍රශ්නයට විසඳුම් ලබාදීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් සකස්කර ඇති වැඩපිළිවෙළ යටතේ එහි මුල් අදියරේදී එක් මැතිවරණ කොට්ඨාසයකට රැකියා 500 බැගින් රැකියා 75,000ක් ලබාදීමට පියවර ගෙන තිබේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ලබාදීමට අපේක්‍ෂිත මෙම රැකියා අවස්ථා සඳහා වෘත්තීය පුහුණුව ලබා ඇති තරුණ තරුණියන්ට ප්‍රමුඛත්වය ලබාදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. 2019 අය-වැය යෝජනා සම්මත කර ගැනීමෙන් පසුව මෙම රැකියා සඳහා සුදුස්සන් තෝරා ගැනීම පිණිස අයැදුම්පත් කැඳවනු ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon