යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා

  👤  2641 readers have read this article !
By mawbima 2019-01-10

චාමර අමරසූරිය

යුද හමුදාවේ 53 වැනි මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කර ඇතැයි යුද හමුදා මූලස්ථානය පවසයි. යුද්ධයේ අවසාන සමයේ 58 වැනි සේනාංකාධිපති ලෙස කටයුතු කළ ශවේන්ද්‍ර සිල්වා මහතා මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි.

ගජබා රෙජිමේන්තුවේ වර්තමාන අධිපතිවරයා ලෙස කටයුතු කරන්නේද මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාය.

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස කටයුතු කරමින් සිටි මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු මහතා විශ්‍රාම යෑමෙන් පුරප්පාඩු වූ එම තනතුර සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම පත්කිරීම සිදු කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon