අපේක්ෂකයා ගැන තවම තීරණයක් නෑ

  👤  2802 readers have read this article !
By mawbima 2019-01-10

ශිරාන් රණසිංහ

ඊළඟ ජනාධිපති අපේක්ෂකයා තවම තීරණය කර නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා "මව්බිම"ට පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන පත්කිරීමේ තීරණයක් පිළිබඳව කිසිවක් නොදන්නා බවද හිටපු ජනාධිපතිවරයා කියා සිටියේය.

පොහොට්ටුවේ කට්ටිය එකක් කියන බවත්, ශ්‍රී ල.නි.ප. අය තවත් එකක් කියන බවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. තමා දන්නා පරිදි මීළඟ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව කිසිම තීරණය ගෙන නැතැයි ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon