ජනවාරි 1දා සිට වාහනවලට කාබන් බද්ද ක්‍රියාත්මකයි

  👤  2667 readers have read this article !
By mawbima 2019-01-10

උපතිස්ස පෙරේරා

2018 අංක 35 දරන මුදල් පනතට අනුව සියලුම වාහන සඳහා කාබන් බද්ද අය කිරීම 2019.01.01දා සිට ක්‍රියාත්මක කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ඒ.එච්.කේ. ජගත් චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කරයි.

ඒ ඒ වාහනවල එන්ජින් ධාරිතාව හා ලියාපදිංචි කළ කාලය අනුව මෙම නව කාබන් බද්ද අයකෙරෙන බවත් ඒ අනුව අවුරුදු 5ක් දක්වා වූ වාහනයකට ඝන සෙ.මී. 1කට (අ.බ.) සත 25ක්ද, අවුරුදු 5-10 දක්වා වාහනයකට ඝන සෙ.මී. 1කට සත 50ක්ද අවුරුදු 10 ඉක්මවූ වාහනයකට ඝන සෙ.මී. 1කට රුපියල් 1ක්ද වශයෙන් ගෙවිය යුතු වෙයි.

වාහනය සඳහා ආදායම් බලපත්‍රය ලබා ගැනීමේදී මෙම කාබන් බද්ද ගෙවිය යුතු බවද එහෙත් මේ වසරේදී පමණක් ඉන් බැහැරව මෙම බද්ද ගෙවීමට අවකාශ සලසා ඇති බවද 2020 සිට ආදායම් බලපත්‍රය ලබා ගැනීමේදී එම බද්ද ගෙවිය යුතු බවද කොමසාරිස් ජනරාල්වරයා ඊයේ (09දා) සවස එම දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

විදුලියෙන් පමණක් ක්‍රියාකරන වාහන සඳහා කාබන් බද්ද ගෙවිය යුතු නැති වුවද හයිබි්‍රඩ් වාහන සඳහා එම බද්ද ගෙවීම අනිවාර්ය බවද හෙතෙම පැවැසුවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon