විභාග සමීක්ෂණ නිලධාරීන්ගේ දීමනා ඉහළ දැමීමට මහා භාණ්ඩාගාරය එකඟ වුණා විභාග කොමසාරිස්

  👤  2635 readers have read this article !
By mawbima 2019-01-10

හර්ෂනී අර්සකුලරත්න

උත්තර පත්‍ර පරීක්ෂකවරු, ශාලාධිපතිවරු, සම්බන්ධීකරණ නිලධාරීන් ඇතුළු විභාග සමීක්ෂණ නිලධාරීන්ගේ දීමනා ඉහළ නැංවීම සඳහා මහ භාණ්ඩාගාරය එකඟතාව පළ කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි.

මේ දීමනා ඉහළ නැංවීමට අදාළ අවසන් යෝජනා වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව වෙත යොමුකොට ඇති බවත් එම යෝජනා අනුමත වූ වහාම එම නව දීමනාද ලබා දීමට නියමිත බවත් විභාග කොමසාරිස්, ජනරාල්වරයා "මව්බිමට" පැවැසුවේය.

මොවුන්ගේ දීමනා ඉහළ නැංවීම සඳහා දිගු කාලයක සිට ඉල්ලීම් ලද බවත් මීට අවධානය යොමුකළ අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා මෙවර පැවැත්වූ සා.පෙළ විභාගයේදී එම දීමනා තාවකාලිකව ඉහළ නැංවීමට පියවර ගත් බවද ඔහු ප්‍රකාශ කළේය.

2019 වර්ෂය සඳහා වන මේ නව දීමනා ඉහළ දැමීම මාර්තු මාසයට පෙර අනුමත වෙතැයි බලාපොරොත්තු වන බවද අධ්‍යාපන ඇමැතිවරයා මේ වනවිටත් ඒ සම්බන්ධව මහ භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කොට එකඟතාව ලබාගෙන ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon