සමෘද්ධි ලාභීන් තෝරා ගැනීමේ අයිතිය ගම්වැසියන්ට

  👤  2625 readers have read this article !
By mawbima 2019-01-10

උපතිස්ස පෙරේරා

ඉදිරියේදී සමෘද්ධිලාභීන් ලක්ෂ 2ක් පමණ තෝරාගෙන ඔවුන්ගේ මාසික ආදායම සැලකිය යුතු මට්ටමකට ඉහළ නංවා යැපුම් මානසිකත්වයෙන් ඔවුන් මුදා ගන්නා බවත් එහිදී එක් ගමකින් සමෘද්ධිලාභීන් 25ක් තෝරා ගැනීමේ අයිතිය එම ගම්වල ජනතාවට පවරන බවත් කම්කරු වෘත්තීය සමිති සබඳතා සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.

නිෂ්පාදන විභවයක් ඇති ආහාර ප්‍රවර්ධන යෝජිත වැඩසටහන සම්බන්ධයෙන් සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සමඟ ඊයේ (09දා) එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

පසුගිය කාලය තුළ සමෘද්ධිලාභීන් සැලකිය යුතු පිරිසක් සවිබල ගන්වා ඔවුන්ගේ ආදායම් මට්ටම ඉහළ නංවාලීමට කටයුතු කළ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ඇගැයීමට ලක්විය යුතු බව අවධාරණය කළ අමාත්‍යවරයා එක් එක් දිස්ත්‍රික්කයකින් නිලධාරීන් 6 දෙනකු බැගින් තෝරා දක්ෂම සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 150කට සම්මාන පිරිනැමීමට පියවර ගන්නා ලෙස සමෘද්ධි සංවර්ධන අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දුන්නේය. ඒ පිළිබඳව ඉදිරි සතිය තුළ තමාට වාර්තාවක් ලබාදෙන ලෙසද අමාත්‍යවරයා ඔහුට දැනුම් දුන්නේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon