2018 වසර අවසානයේදී මරණ දණ්ඩනය නියම වූ රැඳවියන් 1299ක් රට පුරා බන්ධනාගාරවල

  👤  2621 readers have read this article !
By mawbima 2019-01-10

කුරුවිට -කේ.ඒ.එස්. පියතිලක

2018 වසරේ දෙසැම්බර් මස 31 වන දින වන විට මරණීය දණ්ඩනය නියම වූ රැඳවියන් 1299 දෙනකු බන්ධනාගාරගතව සිටී.

මේ අතරින් 84 දෙනකු කාන්තාවන් වන අතර පිරිමි පුද්ගලයන් ගණන 1215කි.

2018 වසරේ දෙසැම්බර් මස 31 වැනි දින වන විට ස්ථිර වශයෙන්ම මරණීය දණ්ඩනය නියම වූ රැඳවියන් හා මරණීය දණ්ඩනයට ලක්ව අභියාචනා ඉදිරිපත් කර ඇති රැඳවියන් 1299 දෙනකු මෙරට බන්ධනාගාර තුළ සිටින බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශය සඳහන් කළේ ඒ අතර පිරිමි පුද්ගලයන් 1215 දෙනකු හා කාන්තාවන් 84 දෙනකු සිටින බවයි. එම රැඳවියන් 1299 අතරින්, පිරිමි රැඳවියන් 789 දෙනකු හා කාන්තා රැඳවියන් 34 දෙනකු තමන්ට නියම කර ඇති මරණ දඬුවම සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කර තිබේ. ස්ථිර වශයෙන්ම මරණීය දණ්ඩනය නියම කර ඇති රැඳවියන් 476 දෙනකු සිටින බවත් ඒ අතර පිරිමි පුද්ගලයන් 426 දෙනකු හා කාන්තාවන් 50 දෙනකු සිටින බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon