පළාත් සභා ඡන්දය කල්දැමීම ගැන කතාබහෙන් මැති සබය උණුසුම් වේ

  👤  2799 readers have read this article !
By mawbima 2019-01-10

ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු

ඒකීය රාජ්‍යය රකිමින් බුදු දහමට ප්‍රමුඛතාව දෙන බවට දේශපාලකයන් කියන වචන වෙනුවට ව්‍යවස්ථා කෙටුම්පත කියවන ලෙස එජාප පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටිනවා යැයි ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ ශ්‍රී ලංකා සම්බන්ධීකාරක නීතිඥ නුවන් බැල්ලන්තුඩාව ප්‍රකාශ කෙළේය.

හෙතෙම එම අදහස් පළ කළේ පසුගියදා රාජගිරියේදී පැවැති ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්ය.
එහිදී ඒ මහතා මෙසේද පැවැසීය.

ජාත්‍යන්තර දේශපාලනයේදී සදාතනික මිතුරන් හෝ සතුරන් නැති වුණාට තිබෙන්නේ සදාකාලික අභිලාශයන් බවට කියමනක්. ඉන්දියන් සාගරයේ වෙළෙඳ හා ආරක්ෂක ආධිපත්‍යය තහවුරු කර ගැනීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව හා චීනය අතර තිබෙන බල ගැටුමේ කේන්ද්‍රය බවට අපි පත්වෙලා ඉවරයි. එජාප ආණ්ඩුව ඒ බල ගැටුමට නිරන්තරයෙන් රට තල්ලු කරනවා.

එජාප නායකයෝ රට බෙදන්න, බුද්ධාගමට තිබෙන ප්‍රමුඛස්ථානය අහිමි කරන්න කැමැතියි කියන්නෙ නැහැ. රණවිරුවන් බිලි දෙනවා කියල කියන්නෙ නැහැ. හැබැයි දේශපාලන තීන්දු ගන්නා තැන ඔවුන් ඉන්නේ වෙනම ස්ථාවරයකයි. ජාත්‍යන්තරය පිනවීමෙන් මේ ප්‍රශ්න නිරාකරණය කරගන්න පුළුවන් කියලා ඔවුන් හිතනවා.
'ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒකීය ස්වරූපය පළාත් සභාවල සපල ක්‍රියාකාරිත්වයට බාධාවක්ව ඇති බව' යනුවෙන් තමයි එම කෙටුම්පත ආරම්භ කරන්නෙ. ඒ කියන්නෙ පළාත් සභා ශක්තිමත් කරන්න නම් ඒකීයභාවය අහෝසි කළ යුතු බවටයි යෝජනා කරන්නෙ.

සුමන්තිරන් මන්ත්‍රිවරයා, ජනතා විමුක්ති පෙරමුණ, චන්ද්‍රිකා කුමාරතුංග සහ රනිල් වික්‍රමසිංහ එකතු වුණේ කුප්‍රකට සිංගප්පූරු එකඟතාව ක්‍රියාවට නැංවීමටයි. ෆෙඩරල් ක්‍රමයක් ඇති කරන්න තමයි 2015 ජනවාරි 8 සන්ධානය පිහිටෙව්වේ. ඒ ගමනෙහි අවසානයක් නොකළොත් ඔවුන් බලයට පත් කරන ලද බලය, මුදල් සපයපු ජාත්‍යන්තර ප්‍රජාව අසතුටු වෙනවා. ඉදිරියටත් ජාත්‍යන්තර ප්‍රජාව සතුටු කරගෙන බලයේ ඉන්න නම් මේ ව්‍යවස්ථා කෙටුම්පත ගෙන ආ යුතුව තිබෙනවා. ඒකට තමයි චන්ද්‍රිකා කුමාරතුංග අමාරුවෙන් ලහි ලහියේ මන්ත්‍රිවරු ගොඩගහ ගත්තෙ.

හැබැයි ඒකීය බව වෙනුවෙන් හැඟීමක් තියෙනවා නම් අප සිට ගත යුත්තේ පක්ෂය කියන දේ තුළ නෙවෙයි.
ජාත්‍යන්තර ප්‍රජාව බැලැන්ස් කරන්න යැපුම්කාරී රටක් වන අපට බැහැ. ආර්ථිකවශයෙන් යැපුම්කාරී රටක් වෙච්ච දේශපාලන වශයෙන් යැපුම්කාරී අස්ථාවර රටක් කිරීමයි 2015 වෙනසෙන් සිදු වෙන්නේ.

ජනාධිපතිතුමා හිතන් ඉන්නෙත් මේවා නතර වෙලා කියලයි. ඒත් එහෙම නැහැ. සාලිය පීරිස්, නිමල්කා ප්‍රනාන්දු වැනි කමිටු සාමාජිකයන් විසින් 2018 අගෝස්තුවලදී යෝජනා කරනවා පනත බලාත්මක වූ දිනයටත් පෙර සිටම එම වාර්තාවේ නිර්දේශ අනුව කටයුතු කරන්න කියලා. එමෙන්ම බලහත්කාරයෙන් අතුරුදන් කිරීම යුද අපරාධ ගණයට ඇතුළු කරන්නත්, විධානය දීපු නායකයන් අත්අඩංගුවට ගැනීමටත් යෝජනා කරනවා.

බෙංගමුවේ නාලක හිමි
අගමැති රනිල් වික්‍රමසිංහ මහනායක හිමිවරුන් හමු වී බුදු දහමට ප්‍රමුඛතාව දෙන වගන්ති ඉවත් නොකරන බව කියමින් බෙදුම්වාදීන්ට අවශ්‍ය විධියට ව්‍යවස්ථාව සම්මත කර ගන්න කටයුතු කරනවා. දෙමළ ඊළාම් රාජ්‍ය එකවර ලබා නොදී පළාත් සභා බලතල හරහා එය ක්‍රියාවට නංවනවා.
නව ව්‍යවස්ථාවක් හෝ සංශෝධන අවශ්‍ය නොවන බව මහනායක හිමිවරුන් අස්සන් කොට ලිපියක් ඉදිරිපත් කර තිබෙනවා. රට ආර්ථික ඇතුළු සියලු කරුණුවලින් අගාධයට පත්වී ඇති අවස්ථාවක රට ඉන් ගොඩ ගන්නේ නැතිව ව්‍යවස්ථාවක් ගෙන ඒම ජාති ද්‍රෝහී ක්‍රියාවක්.
ආණ්ඩුව නෙවෙයි ජනතාවට වටින්නෙ රටයි. රටට ආණ්ඩුව ද්‍රෝහි වුණොත් ඒ ආණ්ඩුව පලවා හරින්න භික්ෂුන් වහන්සේ කැප වෙනවා.

රියර් අද්මිරාල් සරත් වීරසේකර
උතුරේ දෙමළ ජනතාව අද හමුදාව ඉල්ලා සිටිනවා. ජනතාව උතුරෙන් විග්නේශ්වරන් ඉවත් කරන දිනය වැඩි අෑතක නෙවෙයි.

ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ විධායක සභික යසස් ධර්මදාස
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී 1/30 යෝජනා අනුව ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ කළ බව විදේශ කටයුතු ඇමැති ලෙස සිටි මංගල සමරවීර පිළිගත්තා.
විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මංගල සමරවීර ජනාධිපතිතුමත්, විදේශ කටයුතු අමාත්‍යාංශයත්, නොමඟ යවා තිබෙනවා. යුද අපරාධ චෝදනා පිළිබඳ පරිච්ඡේදයක් එම චෝදනා පත්‍රයේ තිබෙනවා. යුද අපරාධ චෝදනා කියන වචනය ස්ථාන 37ක තිබෙනවා. ඒත් මංගල සමරවීර ඒවා සඟවමින් සියලු දෙනා නොමඟ යවා තිබෙනවා.

එහිදී ඒ මහතා මෙසේද පැවැසීය.
ජාත්‍යන්තර දේශපාලනයේදී සදාතනික මිතුරන් හෝ සතුරන් නැති වුණාට තිබෙන්නේ සදාකාලික අභිලාශයන් බවට කියමනක්. ඉන්දියන් සාගරයේ වෙළෙඳ හා ආරක්ෂක ආධිපත්‍යය තහවුරු කර ගැනීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව හා චීනය අතර තිබෙන බල ගැටුමේ කේන්ද්‍රය බවට අපි පත්වෙලා ඉවරයි. එජාප ආණ්ඩුව ඒ බල ගැටුමට නිරන්තරයෙන් රට තල්ලු කරනවා.

එජාප නායකයෝ රට බෙදන්න, බුද්ධාගමට තිබෙන ප්‍රමුඛස්ථානය අහිමි කරන්න කැමැතියි කියන්නෙ නැහැ. රණවිරුවන් බිලි දෙනවා කියල කියන්නෙ නැහැ. හැබැයි දේශපාලන තීන්දු ගන්නා තැන ඔවුන් ඉන්නේ වෙනම ස්ථාවරයකයි. ජාත්‍යන්තරය පිනවීමෙන් මේ ප්‍රශ්න නිරාකරණය කරගන්න පුළුවන් කියලා ඔවුන් හිතනවා.
'ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒකීය ස්වරූපය පළාත් සභාවල සපල ක්‍රියාකාරිත්වයට බාධාවක්ව ඇති බව' යනුවෙන් තමයි එම කෙටුම්පත ආරම්භ කරන්නෙ. ඒ කියන්නෙ පළාත් සභා ශක්තිමත් කරන්න නම් ඒකීයභාවය අහෝසි කළ යුතු බවටයි යෝජනා කරන්නෙ.

සුමන්තිරන් මන්ත්‍රිවරයා, ජනතා විමුක්ති පෙරමුණ, චන්ද්‍රිකා කුමාරතුංග සහ රනිල් වික්‍රමසිංහ එකතු වුණේ කුප්‍රකට සිංගප්පූරු එකඟතාව ක්‍රියාවට නැංවීමටයි. ෆෙඩරල් ක්‍රමයක් ඇති කරන්න තමයි 2015 ජනවාරි 8 සන්ධානය පිහිටෙව්වේ. ඒ ගමනෙහි අවසානයක් නොකළොත් ඔවුන් බලයට පත් කරන ලද බලය, මුදල් සපයපු ජාත්‍යන්තර ප්‍රජාව අසතුටු වෙනවා. ඉදිරියටත් ජාත්‍යන්තර ප්‍රජාව සතුටු කරගෙන බලයේ ඉන්න නම් මේ ව්‍යවස්ථා කෙටුම්පත ගෙන ආ යුතුව තිබෙනවා. ඒකට තමයි චන්ද්‍රිකා කුමාරතුංග අමාරුවෙන් ලහි ලහියේ මන්ත්‍රිවරු ගොඩගහ ගත්තෙ.

හැබැයි ඒකීය බව වෙනුවෙන් හැඟීමක් තියෙනවා නම් අප සිට ගත යුත්තේ පක්ෂය කියන දේ තුළ නෙවෙයි.

ජාත්‍යන්තර ප්‍රජාව බැලැන්ස් කරන්න යැපුම්කාරී රටක් වන අපට බැහැ. ආර්ථික වශයෙන් යැපුම්කාරී රටක් වෙච්ච දේශපාලන වශයෙන් යැපුම්කාරී අස්ථාවර රටක් කිරීමයි 2015 වෙනසෙන් සිදු වෙන්නේ.

ජනාධිපතිතුමා හිතන් ඉන්නෙත් මේවා නතර වෙලා කියලයි. ඒත් එහෙම නැහැ. සාලිය පීරිස්, නිමල්කා ප්‍රනාන්දු වැනි කමිටු සාමාජිකයන් විසින් 2018 අගෝස්තුවලදී යෝජනා කරනවා පනත බලාත්මක වූ දිනයටත් පෙර සිටම එම වාර්තාවේ නිර්දේශ අනුව කටයුතු කරන්න කියලා. එමෙන්ම බලහත්කාරයෙන් අතුරුදන් කිරීම යුද අපරාධ ගණයට ඇතුළු කරන්නත්, විධානය දීපු නායකයන් අත්අඩංගුවට ගැනීමටත් යෝජනා කරනවා.

බෙංගමුවේ නාලක හිමි
අගමැති රනිල් වික්‍රමසිංහ මහනායක හිමිවරුන් හමු වී බුදු දහමට ප්‍රමුඛතාව දෙන වගන්ති ඉවත් නොකරන බව කියමින් බෙදුම්වාදීන්ට අවශ්‍ය විධියට ව්‍යවස්ථාව සම්මත කර ගන්න කටයුතු කරනවා. දෙමළ ඊළාම් රාජ්‍ය එකවර ලබා නොදී පළාත් සභා බලතල හරහා එය ක්‍රියාවට නංවනවා.
නව ව්‍යවස්ථාවක් හෝ සංශෝධන අවශ්‍ය නොවන බව මහනායක හිමිවරුන් අස්සන් කොට ලිපියක් ඉදිරිපත් කර තිබෙනවා. රට ආර්ථික ඇතුළු සියලු කරුණුවලින් අගාධයට පත්වී ඇති අවස්ථාවක රට ඉන් ගොඩ ගන්නේ නැතිව ව්‍යවස්ථාවක් ගෙන ඒම ජාති ද්‍රෝහී ක්‍රියාවක්.
ආණ්ඩුව නෙවෙයි ජනතාවට වටින්නෙ රටයි. රටට ආණ්ඩුව ද්‍රෝහි වුණොත් ඒ ආණ්ඩුව පලවා හරින්න භික්ෂුන් වහන්සේ කැප වෙනවා.

රියර් අද්මිරාල් සරත් වීරසේකර
උතුරේ දෙමළ ජනතාව අද හමුදාව ඉල්ලා සිටිනවා. ජනතාව උතුරෙන් විග්නේශ්වරන් ඉවත් කරන දිනය වැඩි අෑතක නෙවෙයි.

ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ විධායක සභික යසස් ධර්මදාස
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී 1/30 යෝජනා අනුව ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ කළ බව විදේශ කටයුතු ඇමැති ලෙස සිටි මංගල සමරවීර පිළිගත්තා.
විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මංගල සමරවීර ජනාධිපතිතුමත්, විදේශ කටයුතු අමාත්‍යාංශයත්, නොමඟ යවා තිබෙනවා. යුද අපරාධ චෝදනා පිළිබඳ පරිච්ඡේදයක් එම චෝදනා පත්‍රයේ තිබෙනවා. යුද අපරාධ චෝදනා කියන වචනය ස්ථාන 37ක තිබෙනවා. ඒත් මංගල සමරවීර ඒවා සඟවමින් සියලු දෙනා නොමඟ යවා තිබෙනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon