ශ්‍රී ලංකාව තරගාවලි දෙකම පැරදුණත් තිසරට උසස්වීම් දෙකක්

  👤  2749 readers have read this article !
By mawbima 2019-01-10

නවසීලන්තය සමඟින් පැවැති එක්දින තරග තුනේදී දක්‍ෂතා දැක් වූ තිසර පෙරේරා, කුසල් ජනිත් හා ධනුෂ්ක ගුණතිලක ජාත්‍යන්තර එක්දින වර්ගීකරණයේ ඉදිරියට පැමිණීමට සමත්ව සිටී.

ඒ අනුව නවසීලන්ත එක්දින තරගාවලියට පෙර ශේ්‍රණිගත ලකුණු 454ක් ලබා පිතිකරුවන් අතර 87 වැනි ස්ථානයේ පසු වූ තිසර පෙරේරා එම තරග තුනේදී එක් ශතකයක් හා අර්ධ ශතකයක් සමඟින් ලැබූ මුළු ලකුණු 240 හේතුවෙන් 65 වැනි ස්ථානය දක්වා පියවර 22ක් ඉදිරියට පැමිණ ඇත. එක්දින තරගාවලියේදී එක් ශතකයක් ලැබූ කුසල් ජනිත් පෙරේරා 73 වැනි ස්ථානයේ සිට 66 වැනි ස්ථානය දක්වාත්, 93 වැනි ස්ථානයේ පසු වූ ධනුෂ්ක ගුණතිලක 82 වැනි ස්ථානය දක්වාත් ඉහළට පැමිණ තිබේ.

තවද නවසීලන්ත එක්දින තරගාවලියට පෙර එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර 38 වැනි ස්ථානයේ පසු වූ තිසර පෙරේරා මේ වනවිට 23 වැනි ස්ථානය තෙක් ඉදිරියට පැමිණ තිබීමද විශේෂත්වයකි.

කෙසේ වුවත් මේ වනවිට ලොව එක්දින ක්‍රිකට් පිතිකරණ ශේ්‍රණිගත කිරීම්හි පළමු හා දෙවැනි ස්ථාන පිළිවෙළින් ඉන්දියාවේ විරාත් කෝලිට හා රෝහිත් ෂර්මාට හිමිව ඇති අතර, ශ්‍රී ලංකාව සමඟ පැවැති එක්දින තරගාවලියේදී එක් ශතකයක් හා අර්ධ ශතක දෙකක් සමඟින් ලකුණු 281ක් ලැබූ රොස් ටේලර් තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබීමද කැපී පෙනේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon