ක්‍රිකට් නිලවරණය යොදාගත් දිනයේම පවත්වන්න නීත්‍යනුකූලව හැම පියවරක්ම ගන්නවා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් _ චූලානන්ද

  👤  2619 readers have read this article !
By mawbima 2019-01-10

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය නීත්‍යනුකූලව පැවැත්වීමට ගතහැකි සියලුම කර්තව්‍යයන් කඩිනමින් සිදු කරන බවත් අදාළ අභියාචනා කමිටුව පත් කිරීමේදී පනවා ඇති රෙගුලාසිවල පවතින භාෂා පරිවර්තන දෝෂයක් නිවැරදි කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවෙන් විමසීමට සිදුවූ බවත් විදුලි සන්දේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්
ඩබ්. ඒ. චූලානන්ද පෙරේරා මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

"ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය 2019.02.07 දිනට පැවැත්වීමට නියමිතව තිබිණි. මේ පිළිබඳ මූලික කටයුතු කරගෙන යෑමේදී අභියාචනා කමිටුව පත්කිරීම පිළිබඳව වන ක්‍රීඩා රෙගුලාසිවල සිංහල හා ඉංගී්‍රසි පරිවර්තනයන්හි පරස්පර විරෝධතාවන් නිරීක්ෂණය විය. එබැවින් ඒ පිළිබඳව උපදෙස් නීතිපති දෙපාර්තමේන්තුවෙන් විමසන ලදී.

ඒ අනුව ක්‍රිකට් නිලවරණය පැවැත්විය යුත්තේ එම පරස්පර විරෝධීතාවන් නිවැරදි කිරීමෙන් අනතුරුව බව නීතිපති විසින් මා වෙත උපදෙස් ලබා දී තිබේ. එසේම මෙම නෛතික තත්ත්වය සම්බන්ධව මා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට හා ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ කමිටුවට ද දන්වා යැව්වා." යනුවෙන් ඊයේ (9දා) දිනැතිව නිකුත් කරන ලද නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon