විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි

  👤  2664 readers have read this article !
By mawbima 2019-01-10

හර්ෂනී අර්සකුලරත්න

ලලිත් ඇතුලත්මුදලිගේ ගෝලයකු වන තමන් තවමත් ඔහු ගෙන ගිය විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ සටනේ නියුතු වන බව විදුලි බල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවි කරුණානායක පවසයි.

ඔහුට දිනාගත නොහැකි වූ සටන සාක්ෂාත් කර ගැනීමට තමා ඇතුළු එජාපය පෙරට එන බවත් මේ රටට විධායක ජනාධිපති ක්‍රමය ඔබින්නේ නොමැති බවත් ඔහු පැවසීය.
එසේම රටට අහිතකර දෙයක් වෙනවා නම් ආණ්ඩුවේ හෝ වේවා විපක්ෂයේ හෝ වේවා එකම ස්ථාවරයක සිටිය යුතු බවත් වැදගත් දේශපාලනඥයන් ලෙස ශ්‍රී ලනිපයේ පිරිසටත් තනතුරු දීමේ වරදක් නැති බවත් හෙතෙම පැවැසීය.

වේදිකාවල නටන්නේ වේදිකා හදන අය නොවේ යැයි ඔවුන් පැවැසීම සාධාරණ කරුණක් බවද ඔවුන්ටද කාර්යභාරයක් පැවරීම මේ අවස්ථාවේ එජාපයේ කාර්යභාරයක් විය යුතු යැයිද ඇමැතිවරයා පැවැසුවේය.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ පසුගියදා (8දා) දිගන ප්‍රදේශයේ ඇතිවූ කලහකාරී තත්ත්වයේදී විපතට පත් පවුල් වෙනුවෙන් මූල්‍යාධාර පිරිනැමීමේ අවස්ථාවකට සහභාගි වෙමිනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon