නව ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් සහ අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

  👤  2629 readers have read this article !
By mawbima 2019-01-10

නව ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් සහ අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් (9දා) පෙරවරුවේ ජනාධිපති නිල නිවෙසේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

නව ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ලෙස අභියාචනාධිකරණ සභාපති ප්‍රිති පද්මන් සූරසේන, අභියාචනාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා, අභියාචනාධිකරණ විනිසුරු ඊ.ඒ.ජී.ආර්. අමරසේකර යන මහත්වරුන් දිවුරුම් දුන් අතර අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස මහාධිකරණ විනිසුරු කේ.පී. ප්‍රනාන්දු මහතා දිවුරුම් දී තිබේ. ජනාධිපති ලේකම් උදය ආර්. සෙනවිරත්න මහතාද මෙම අවස්ථාවට එක් විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon