මවගේ හෘද සැත්කමට මුදල් සෙවීමට දියණියන් තිදෙනකුගෙන් ප්‍රසංගයක්

  👤  2772 readers have read this article !
By mawbima 2019-01-10

මොනරාගල - සංජීව බණ්ඩාර

තම මවගේ හෘද සැත්කමට අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා මොනරාගල රාජකීය ජාතික පාසලේ ඉගෙනුම ලබන දැරියන් දෙදෙනකු තම වැඩිමහල් සහෝදරියද සමඟ එක්ව පවත්වනු ලබන සංගීත ප්‍රසංගයක් ජනවාරි මස 11දා සිකුරාදා මොනරාගල මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මොනරාගල සිරිවිජයපුර ප්‍රදේශයේ පදිංචි මෙම දැරියන් තිදෙනාගේ මව වන ජේ.ඒ. ශ්‍රියානි මහත්මියට සති දෙකක කාලයක් ඇතුළත හදිසි හෘද සැත්කම් කළ යුතු බව වෛද්‍යවරුන් දන්වා තිබේ. ඒ සඳහා රුපියල් ලක්ෂ 12ක් පමණ වැය වන බව ගණන් බලා තිබේ.

මේ සා මුදලක් සොයා ගැනීම
දුෂ්කර හෙයින් තම මවගේ ජීවිතය රැක ගැනීම සඳහා මෙවැනි ප්‍රසංගයක් පවත්වා එම සැත්කමට වැය වන මුදලින් කිසියම් ප්‍රමාණයක් සොයා ගැනීමට තීරණය කළ බව මෙම දැරියෝ පවසති.

"ස්නේහ වර්ෂා" ලෙස නම් කර තිබෙන මෙම ප්‍රසංගය සඳහා සංගීතය සපයන්නේ මොනරාගල සංගීත ගුරුවරුන් පිරිසකගෙන් සැදුම්ලත් ඊඥචජඩඥපඵ උදනතභඨ සංගීත කණ්ඩායමක් මඟිනි.

ඔවුන් මෙම සංගීතය සැපයීම වෙනුවෙන් කිසිදු මුදලක් අය නොකිරීමටද තීරණය කර තිබීම විශේෂත්වයකි.

මෙම ගීත ප්‍රසංගය රසිකා එරන්දතී, යශෝධා සමන්මලී හා නිමංශ්‍යා සුගන්ධිනී යන සහෝදරියෝ් විසින් පවත්වති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon