අපි මුල්ගල් තියලා වැඩ පටන් ගත්ත දක්ෂිණ අධිවේගය විවෘත කරලා ඒ උන්නැහේ නම දාගත්තා

  👤  2811 readers have read this article !
By mawbima 2019-01-10

මාතර ඉඳන් කතරගම දක්වා යන දුම්රිය මාර්ගයේ බෙලිඅත්තේ සිට මාතර දක්වා ඒ පළමුවැනි ගමන අපි ආරම්භ කළා. මේවා කරනකොට සමහර අය නම දාගන්න හදනවා. දන්නවනේ එක්කෙනෙක් ඉන්නවා අනුන්ගේ දරුවන්ට උප්පැන්න සහතික ආසාවෙන් නිකුත් කරන. එයාගේ දේශපාලන කාර්යභාරය තමයි ඒක. අපි මුල්ගල් තියලා ආරම්භ කරපු දක්ෂිණ අධිවේගී මාර්ගය අන්තිමට විවෘත කළේ ඒ ආසාවෙන් පෙළෙන ඒ උන්නැහේ යැයි අමාත්‍ය මංගල සමරවීර පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ මාතර නූපේ පැවැති ඒ මහතාගේ කාර්යාලයේදී ලොතරැයි අලෙවි කරන කාන්තාවන්ට පාපැදි ලබාදීම සහ රිය අනතුරුවලින් මියගිය පවුල්වල දරුවන්ට ශිෂ්‍යාධාර ලබාදීමේ උත්සවය අමතමින්ය.

එහිදී මංගල සමරවීර මහතා මෙසේද පැවැසීය.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ මේ රටේ කාන්තාවන්ට අඩු පොලියට ණය දීලා ඒ අය මේ රටේ ආර්ථිකයට දැවැන්ත ශක්තියක් කර ගන්න මේ ආණ්ඩුව කටයුතු කරනවා. ඒ කාන්තාවන් සඳහා ජාතික ලොතරැයි මණ්ඩලය හරහා අද දින පාපැදි 32ක් දෙනවා. මිත්‍රවරුනි අපේ ආණ්ඩුව ජනතාවට සංවේදී ආණ්ඩුවක්. සංවර්ධන ඉහළ මට්ටමෙන්, මධ්‍යම මට්ටමෙන් සහ පහළ මට්ටමේ ආදී වශයෙන් එක හා සමානව ඉදිරියට ගෙනයන ආණ්ඩුවක්. එක් පැත්තකින් මහා සංවර්ධන කටයුතු කළා අර දින 52 ඇරුණම. අනෙක් හැම මොහොතකම අපි නොකඩවාම සංවර්ධනය ඉදිරියට ගෙනිච්චා. අද මේ වනවිට කොළඹ සිට මහනුවර දක්වා අධිවේගී මාර්ග ඉදි වෙනවා. ඒ වගේම කොළඹ සිට යාපනය දක්වා අධිවේගී මාර්ග සැලසුම් කර තියෙනවා. තිබුණු අධිවේගී මාර්ග පුළුල්කර නවීකරණය කරනවා.

දෙදහස් පහළොවෙන් පසු අපි ආරම්භ කරපු ව්‍යාපෘතියක් ලෙස බෙලිඅත්තේ සිට මාතරට දුම්රිය එනවා. මිලියන දෙසීයක් ගමට ගෙනැල්ලා ගම සංවර්ධනය කරනකොට තමයි කුමන්ත්‍රණයක් කරලා අනුන්ගේ දරුවන්ට නම් දෙන මහත්තයා අගමැති පුටුවත් බලෙන් උදුරගන්න හැදුවේ.

හැබැයි ඒ කුමන්ත්‍රණ සියල්ල දැන් පරාදයි. එදා හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට නම් සංවර්ධනය කළා. ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරවත් නැති විදියේ පාරවල් හම්බන්තොට හැදුවා කෝටි ගණන් කොමිස් කුට්ටිවලට ඒවා හැදුවේ. නමුත් ඒ පාර දෙපස තියෙන ගෙවල්වලට වැසිකිළි නෑ. පාසල් දහස් ගණනකට වැසිකිළි නෑ. මෙම ගෙවල් සෙවිලි කරලා තියෙන්නේ පොල් අතුවලින්. අපි මේවා සංවර්ධනය කරනවා. අපි මේවා සංවර්ධනය කරනකොට ඊනියා සටන්පාඨ ගේනවා. ඒවට රැවටෙන්න එපා.

මාතර - උදය කුමාර රණවීර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon