රනිල්ට කවදාවත් ඡන්දයකින් ජනාධිපති වෙන්න බෑ

  👤  2821 readers have read this article !
By mawbima 2019-01-10

රටේ හා ආණ්ඩුව තුළ ඇති වී ඇති ප්‍රශ්න විස¼දා ගැනීමට නම් ආණ්ඩුව ඉතාම ඉක්මනින් මැතිවරණයක් සඳහා යොමුවිය යුතු බවත් ජනතාවටද මේ වන විට ආණ්ඩු වෙනසක දැඩි අවශ්‍යතාවක් ඇති බවක් පෙනෙන්නට තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් යාපා අබේවර්ධන පැවැසීය.

ඔහු සඳහන් කර සිටියේ එක්සත් ජාතික පක්ෂයට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව දැවැන්ත සන්ධානයක් ගොඩනඟන බවයි.

බත්තරමුල්ල, නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රිවරයා මෙසේද කීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගත වීම සඳහා මේ වන විට දේශපාලන පක්ෂ විසි අටක් සාකච්ඡා කර තිබෙනවා. ඒ අනුව අපි එක්සත් ජාතික පක්ෂයට එරෙහි පොදු සන්ධානයක් ගොඩනඟනවා. එමෙන්ම නැවතත් කථානායකවරයාගේ හැසිරීම පක්ෂග්‍රාහී බවක් පෙනෙන්නට තිබෙනවා. ඔහු 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන විට මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් පිළිබඳව කතා කළා. නමුත් ඔහු දැන් එය අමතක කර ඉතාම ඉක්මනින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට කටයුතු කරන මෙන් දේශපාලන පක්ෂ නායකයන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

වත්මන් එක්සත් ජාතික පක්ෂ නායකත්වයට කවදාවත් ඡන්දයකින් ජනාධිපතිවරයා ලෙස පත්වන්න බැහැ. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය බලන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර අගමැති ක්‍රමය ශක්තිමත් කරන්නයි. අද කථානායකවරයා ප්‍රකාශ කරන්නේ අන්න ඒ එක්සත් ජාතික පක්ෂයේ මතයයි.

අප්‍රේල් මාසය වන විට අය - වැය ඉදිරිපත් කරනවා. එය තනිකරම මැතිවරණ ඉලක්ක කරගත් අය - වැයක් වේවි. ඒ නිසා ජනතාවට සහ ලැබෙන යෝජනා එහි ඇතුළත් වේවි.

නමුත් පවතින අයහපත් ආර්ථික තත්ත්වය මත ඒ සහන කිසිවක් ක්‍රියාත්මක කරන්න බැහැ. ඒ නිසා ඉදිරි මාස කිහිපය ඇතුළතදී ලොකු වෙනස්කමක් කරන්න බැහැ. 2014 දෙසැම්බර් 31 වැනිදා වන විට මේ රටේ සුරැකුම්පත්වල ඇමෙරිකන් ඩොලර් මිලියන තුන්දහස් හාරසිය පනහක මුදලක් ආයෝජනය කර තිබුණා. නමුත් අවුරුදු හතරකට පසුව මේ වන විට එම මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන එක්දහස් තුන්සිය දාහතර දක්වා අඩුවී තිබෙනවා. ඒ නිසා රටේ ආර්ථිකය ගැන මම අමුතුවෙන් කියන්න යන්නේ නැහැ.

කෙටි කාලයක් ඇතුළතදී ආණ්ඩුවේ අර්බුද රාශියක් මතුවෙලා තියෙනවා. මේ ප්‍රශ්න අතරේ කැබිනට් මණ්ඩලය වැඩි කර ගැනීමේ උත්සාහයක ආණ්ඩුව නිරත වෙනවා. ඒ උත්සාහය සාර්ථක වෙයි කියලා මම හිතන්නේ නැහැ. ඒ නිසා මේ ප්‍රශ්න සියල්ල විස¼දා ගන්න නම් ආණ්ඩුව ඉතාම ඉක්මනින් මැතිවරණයකට යා යුතුයි.

එමෙන්ම බලයක් නැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයෙක් තවත් කිහිපදෙනෙක් සමඟ එකතු වෙලා රට තුළ රාජපක්ෂ විරෝධයක් ඇති කරන්න උත්සාහගන්නවා. නමුත් මිනිස්සුන්ගේ හිත්වල හෝ ඡන්ද බලයක් තිබෙන මන්ත්‍රිවරුන්ගේ හිත්වල එහෙම ප්‍රශ්නයක් නැහැ. මේ මොහොතේදී අපි සියලුම දෙනා පෙළගැසුණොත් මැතිවරණයක් දිනාගන්න පුළුවන්කම තිබෙනවා.

ඉෂාරා සිල්වා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon