19 වැනි ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට් කුසලාන ක්‍රිකට් තරගාවලිය පාසල් තරගාවලිය 14දා ආදි සිසුන්ගේ තරගාවලිය 15 සහ 16

  👤  2326 readers have read this article !
By mawbima 2018-12-14

ඉෂාන් රශ්මිත

දිවයිනේ ප්‍රධාන පෙළේ බෞද්ධ පාසල් 8ක පාසල් කණ්ඩායම් සහ එම පාසල්වලින් බිහිවූ ආදි සිසු ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් සහභාගි වන 19 වැනි "ශ්‍රීමත් කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් අනුස්මරණ කුසලාන" අන්තර් පාසල් සහ ආදි ශිෂ්‍ය ක්‍රිකට් තරගාවලිය 14, 15 සහ 16 තෙදින තුදී පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

කර්නල් හෙන්රි ඕල්කට් අනුස්මරණ ක්‍රීඩා පදනමේ සම්බන්ධීකරණය ඇතිව පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය ආදි ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලියට කොළඹ ආනන්ද, මහනුවර ධර්මරාජ, ගාල්ල මහින්ද, කුරුණෑගල මලියදේව, මාතර රාහුල, අම්බලන්ගොඩ ධර්මාශෝක, කොළඹ නාලන්දා සහ සත්කාරක පන්නිපිටිය ධර්මපාල යන විද්‍යාල 8න් පාසල් කණ්ඩායම් 8ක් සහ ආදි සිසු කණ්ඩායම් 8ක් සහභාගි වෙති.

පසුගිය වසරේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය ආදි සිසු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයේ සත්කාරත්වයෙන් පැවැති 18 වැනි තරගාවලියේදී ආදි ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට අසේල වේවැල්වලගේ නායකත්වයෙන් යුත් ගාල්ල මහින්ද ආදි සිසු පිල සමත් විය.

එම 18 වැනි පාසල් ක්‍රිකට් කණ්ඩායම් සඳහා වූ තරගාවලියේ ශූරතාව රේෂාන් කාවින්දගේ නායකත්වයෙන් යුත් ගාල්ල මහින්ද විද්‍යාලය විසින් දිනා ගනු ලැබීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon