මන්නාරම නගරයේ අයාලේ ගිය බූරුවෝ දෙදෙනෙක් වාහනයකට යටවෙති

  👤  1630 readers have read this article !
By mawbima 2018-12-13

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

මන්නාරම නගරයේ නිදැල්ලේ හැසිරෙමින් සිටි බූරුවන් දෙදෙනකු 11 වැනිදා සවස වාහනයකට හසු වී ඉතා ශෝචනීය අන්දමට මියගොස් තිබේ.

බූරුවන් දෙදෙනා යට වී මියගියත් වාහනය පැද වූ තැනැත්තා වාහනය නතර නොකොටම ගොස් තිබේ.

මියගිය බූරුවන් දෙදෙනාගේ සිරුරු ඉවත් කිරීමට කිසිවකු ඉදිරිපත් නොවීම නිසා මන්නාරම රෝහල ඉදිරිපිට මියගිය බූරුවන් දෙදෙනාගේ මළ සිරුරු සවස් කාලය වන තුරුත් ඒ අන්දමටම දක්නට ලැබිණි.

මන්නාරම නගරයේ වෙළෙන්දන් කියා සිටින්නේ මන්නාරම පුරාම අයාලේ යන මේ බූරුවන්ගෙන් තමන්ටද පළාතේ ගොවීන්ටද විශාල හිරිහැරයක් වී ඇති බවයි. එසේම මේ අයාලේ යන බූරුවන් වාහනවල හැපෙනවාට අමතරව බොහෝ පිරිස් මේ බූරුවන්ට පොලු කැඩෙන තුරු පහර දෙන නිසා මන්නාරමේ බූරුවන් ඉතාම කනගාටුදායක ඉරණමකට ගොදුරු වී සිටින බව ප්‍රදේශයේ වෙළෙන්දෝ පවසති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon