කුඩු ග්‍රෑම් 18.97ක් තබාගත් විත්තිකරුට මරණ දඬුවම

  👤  1595 readers have read this article !
By mawbima 2018-12-13

කේ.එස්. උදයකුමාර්

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 18.97ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනාවලට වරද පිළිගත් මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් ඊයේ (12දා) මරණීය දණ්ඩනය නියම කළේය.

කොළඹ, මරදාන, සුදර්ශනාරාම මාවතේ පදිංචි සරණපාල මාදින්නාගොඩ සුනිල් නමැති අයකුට මෙසේ මරණීය දණ්ඩනය නියම විය.

2013 වසරේ ජනවාරි මස 7 වැනිදා මරදාන ප්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 18.97ක් සන්තකයේ තබාගෙන සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් මෙම විත්තිකරු අත්අඩංගුවට ගෙන තිබිණි. පසුව හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුට එරෙහිව නඩු පවරන ලදී.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා කියා සිටියේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවයි. ඒ අනුව විත්තිකරුට මරණීය දණ්ඩනය නියම කරන බවද විනිසුරු කුලතුංග මහතා සිය තීන්දුවෙන් සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon