රනිල්ට සහය දුන් නිසා ඊව්ඒ එකට විපක්ෂ නායකකම දරන්න අයිතියක් නෑ

  👤  3162 readers have read this article !
By mawbima 2018-12-13

දෙනගම ධම්මික රණවීර

රනිල් වික්‍රමසිංහ මහතාට ආණ්ඩුවක් පිහිටුවීමට සහාය පළ කිරීම නිසා දෙමළ ජාතික සන්ධානයට විපක්ෂ නායක ධුරය දැරීමට අයිතියක් නැතැයි මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයට 2015 අගෝස්තු මාසයේදී විපක්ෂ නායක ධුරය ලබා නොදීමට කථානායකවරයා හේතු වශයෙන් ගෙනහැර පෑවේ එකම පක්ෂයකට ආණ්ඩුවත් විපක්ෂයත් එකවර නියෝජනය කළ නොහැකි බව යැයිද සඳහන් කළේය.

කථානායකවරයාගේ තර්කය අනුව දෙමළ ජාතික සන්ධානයට මින් ඉදිරියට විපක්ෂ නායක ධුරය ලබාදිය නොහැකි බවද හෙතෙම කීවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon