සා.පෙළට පෙනී සිටි දරුවන්ට නොමිලේම වෘත්තීය පුහුණු පාඨමාලා හැදෑරීමට අවස්ථාව

  👤  3057 readers have read this article !
By mawbima 2018-12-12

ජයත් ශ්‍රී බණ්ඩාර

නවීන තාක්‍ෂණය සමඟ වෙනස් වෙමින් පවතින ශ්‍රම වෙළෙඳපොළට අවශ්‍ය නිපුණතාවෙන් හෙබි තරුණ තරුණියන් බිහි කිරීමේ අරමුණින් මෙවර අ.පො.ස. (සා.පෙළ.) විභාගයට පෙනී සිටින සිසු දරු දැරියන්ට නොමිලේ පූර්ණකාලීන හා අර්ධකාලීන වෘත්තීය පුහුණු පාඨමාලා හැදෑරීමට අවස්ථාව සලසා ඇතැයි නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. මේ මඟින් ජාතික වෘත්තීය සුදුසුකම් රාමුවේ (ව්ඍශ්‍රී ) සහතික පත්‍ර මට්ටමේ සිට තාක්‍ෂණවේදී උපාධිය දක්වා වෘත්තීය අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව උදාවනු ඇත. ඒ අනුව දිවයින පුරා පිහිටුවා ඇති අනුමත රාජ්‍ය හා රජයේ ලියාපදිංචි පුහුණු ආයතනවලට ඉල්ලුම්පත් ඉදිරිපත් කරන ලෙස අමාත්‍යාංශය දැනුවත් වීමක් කරයි.

වැඩි විස්තර ඹඹඹ.රධභබඩණධඡඵ.තඬ වෙබ් අඩිවියෙන් හෝ 0112-081808 යන දුරකථන අංකයෙන් ලබාගත හැකිය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon