එක්නැලිගොඩ වගේ අතුරුදන් කරන බව නොකියා රජයේ නිලධාරීන්ට දඬුවම් දෙන බව රණවක කීම සතුටක්

  👤  3211 readers have read this article !
By mawbima 2018-12-11

පාර්ලිමේන්තුව දිගින් දිගටම අවභාවිත වුණොත් ෆෙඩරල් ව්‍යවස්ථාවට හඬ අනුව ඡන්දය විමසා 2/3 ඡන්දයෙන් සම්මත කරගැනීමට ඉඩ තිබෙනවා යැයි නීතිඥ උදය ගම්මන්පිල ප්‍රකාශ කළේය.

හෙතෙම එසේ පැවැසුවේ ඊයේ (10දා) පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය කාර්යාලයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. එහිදී හෙතෙම මෙසේද පැවැසීය.

දෙසැම්බර් 12 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කරලා යෝජනාවක් සම්මත කරන්නට සූදානමක් තිබෙනවා. එජාපයේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව එම යෝජනාව සම්මත කළාට පසුව ඊට සහාය පළ කළ මන්ත්‍රිවරුන් ශේ්‍රෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩු ගොනු කිරීමටත් නියමිතයි. නඩුවෙන් ඉල්ලා සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත් කරන මෙන් උසාවි නියෝගයක් ලබා දෙන ලෙසයි. නමුත් උසාවිය එහෙම නියෝගයක් ලබා දෙන්න අගමැති ධුරයේ පුරප්පාඩුවක් තිබෙන්න ඕන. නමුත් දැනට අගමැති තනතුරේ මහින්ද රාජපක්ෂ මහතා සිටිනවා.

අභියාචනාධිකරණය ප්‍රකාශ කර තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස කටයුතු කිරීම වළක්වන බවයි. එහෙම නැතිව අගමැති ධුරයෙන් ඉවත් කරල නැහැ.
මන්ත්‍රිවරුන් 225 දෙනාගෙන් 122 දෙනෙක් ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් සම්මත වුණා කියලා අභියාචනාධිකරණයට ගිහින් කිව්වම ධුරවල කටයුතු කිරීම වැළැක්වීමට තීන්දුවක් දුන්නත් පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවක් සම්මත වුණා කියලා අධිකරණය පිළිගත්තෙ නැහැ. එහෙම පිළිගත්තා නම් නඩුවක් පවත්වාගෙන යන්නෙත් නැහැ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහතාට 5 වතාවක් අගමැති වෙමින් වාර්තාවක් තබන්නට තවත් ඉවසන්නට වෙනවා.

ජනතා විමුක්ති පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව 2018 පෙබරවාරිවලදී ගෙනා යෝජනාවට පක්ෂව ඡන්දය දුන්නේ එය ජයග්‍රහණය නොකරන බව දැනගැනීමෙන් පසුවයි. ඔවුන් එම විශ්වාසභංග යෝජනාවට අස්සන් කළේ නැහැ. ඒත් මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව යෝජනාවක් ඉදිරිපත් කළා. අනුර දිසානායක රනිල් වික්‍රමසිංහගේ සාක්කුවේ ඉන්න බව දැන් පැහැදිලියි.

එජාපය දෙමළ සන්ධානයේ සහාය ගන්නට එකඟ වූ කොන්දේසි නිල වශයෙන් ප්‍රකාශ කරල නැහැ. ඒත් සිද්ධාර්ථන්, සුමන්දිරන් වැනි අයගේ ප්‍රකාශවලින් ඒවා අනාවරණය වෙනවා. එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතා දෙමළ සන්ධානය හමු වූ අවස්ථාවේ ඉදිරිපත් කළ කොන්දේසිවලින්ද එය පැහැදිලි වෙනවා.

අමාත්‍යාංශ ලේකම්වරුන් වැය ශීර්ෂ අනුව මුදල් වියදම් කිරීම් සම්බන්ධයෙන් දඬුවම් කරන බවට පා.ච. රණවක මන්ත්‍රිවරයා තර්ජනාත්මකව කතා කර තිබෙනවා. එතුමා දත්කූරු කමින් කතා කරපු විදියට ඕනෑම කෙනකුට බියක් ඇති වීම සාධාරණයි. නමුත් එක්නැලිගොඩ වගේ අතුරුදන් කරනවා කියන්නෙ නැතිව සුකීට වගේ කරන්ට් අල්ලනවා කියන්නෙ නැතිව මාරසිංහට වගේ මැර ප්‍රහාර එල්ල කරනවා කියන්නෙ නැතිව පාර්ලිමේන්තුවේදී දඬුවම් කරනවා කියපු එක ගැන සතුටු වෙනවා.නමුත් මේ තර්ජනය කරන්නේ රජයේ ඉහළම නිලධාරීන්ටයි.

ඒත් මේ තර්ජනයට කිසිම නීතිමය පදනමක් නැති බව අපි පුන පුනා කිව්වා.

අමාත්‍යාංශ ලේකම්වරුන් වියදම් කරන්නෙ 2017 අංක 30 දරන විසර්ජන පනතෙන් මුදල් වෙන්කරදී ඇති නිසයි. ඒ මුදල් අත්හිටුවන්න ඕනනම් එම පනතට සංශෝධනයක් ගෙන ඒම අවශ්‍යයි.

ඒත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 152 අනුව මුදල් සම්බන්ධ යෝජනාවක් ගෙන එන්න පුළුවන් ඇමැතිවරුන්ට පමණයි. ඒකටත් අමාත්‍ය මණ්ඩලයේ පූර්ව අනුමැතියක් ගත යුතුයි.
පිවිතුරු හෙළ උරුමයේ ප්‍රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක

අද අනුර කුමාර දිසානායක ඇතුළු ජවිපෙ රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂකයන් වෙලා. ඔවුන් ආරක්ෂා කරන්නෙ දවල් ලෙනින් රෑ රනිල් ප්‍රතිපත්තියක්.

දෙනගම ධම්මික රණවීර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon