ගෙවල් හදනවාට වැඩි මුදලක් සජිත් ප්‍රචාරක වැඩවලට යොදවලා

  👤  2520 readers have read this article !
By mawbima 2018-12-10

තානාපති කාර්යාල වන්දනා කරන එජාපය නිසා අරලියගහ මන්දිරය කුමන්ත්‍රණකාරීන්ගේ පාරාදීසයක් බවට පත්ව ඇතැයි ෂෙහාන් සේමසිංහ මහතා පැවැසීය.

හෙතෙම එසේ ප්‍රකාශ කළේ බත්තරමුල්ලේදී පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී ෂෙහාන් සේමසිංහ මහතා මෙසේද කීවේය.

ව්‍යවස්ථාදායකය හා විධායකය තුළ ඇති වී තිබෙන බරපතළ ප්‍රශ්නය විස¼දා ගන්නට අධිකරණයේ පිහිට පතා තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා නැවත අගමැති ධුරයට පත් නොකරන බව ජනාධිපතිතුමා නැවත නැවත අවධාරණය කර තිබෙනවා.

එජාපයට බහුතරයක් තියෙනවා නම් ඇයි රනිල් වික්‍රමසිංහ හැර වෙනත් අයකු අගමැති ලෙස නම් නොකරන්නේ? එජාපයේ නායකත්ව අර්බුදය විස¼දා ගන්න බැරි නිසයි අද එජාපය ව්‍යවස්ථාදායකය හා විධායකය තුළ ප්‍රශ්න ඇති කරන්නෙ.

එජාපය කැමැතියි රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් බිඳ වැටෙනවා දකින්න. මහින්ද රාජපක්ෂ මහතා ලබාදුන් සහ ලබාදීමට සූදානම් වූ සහන ලබා දුන්නා නම් තමන්ට මැතිවරණයකට එන්න බැරි බව එජාපය දන්නවා.
ඔක්තෝබර් 26ට පෙර ජවිපෙ උද්ඝෝෂණ කළා ආණ්ඩුව පලවා හරින්න. ඒක සිදු වුණාට පසුව ජවිපෙ නිර්වස්ත්‍රව රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් කඩේ යනවා.

එජාපයට බහුතරය නැති නිසා ඔවුන් විවිධ පක්ෂ හා කණ්ඩායම්වලට විවිධ පොරොන්දු දෙනවා. රවි කරුණානායකට මුදල් ඇමැතිකමත් නියෝජ්‍ය නායකකමත් දෙන්න රනිල් පොරොන්දු වෙලා. මේ ඔවුන්ගේ පක්ෂයේ අර්බුදයයි.

19 සංශෝධනය රටට සුදුසු නැහැ. ඒක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ අය ඉලක්ක කර ගත් සංශෝධනයක්. 19 නිසා ව්‍යවස්ථාදායකය අස්ථාවර වෙලා. 20 සංශෝධනය සම්මත කළා නම් විධායකයත් අස්ථාවර වෙනවා.
ලිට්රෝ ගෑස් සමාගමෙන් දඹර අමිල හිමි ඇතුළු පිරිසකට මුදල් දුන්නේ ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමටයි. ඒ වගේම සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයයේ පුද්ගලයන්ටත් මුදල් දී ඇති බව හෙළි වුණා. එමෙන්ම යහපාලනය ආරක්ෂා කර ගැනීමට මහා මාර්ග අමාත්‍යාංශයෙනුත් 23 දෙනකුට මුදල් ගෙවා තිබෙනවා. එම නම් ළඟදීම හෙළිදරව් කරනවා.

එජාපය විදේශ තානාපති කාර්යාලවල වන්දනාව නතර කරලා නැහැ. ඔවුන් මේ සෙල්ලම් කරන්නේ රටත් ජනතාවත් සමඟයි. අරලියගහ මන්දිරය කුමන්ත්‍රණකරුවන්ගේ පාරාදීසයක් බවට පත් වෙලා.
ඩී.වී. චානක මහතා

ජනාධිපතිවරයා ලේකම්වරුන් මඟින් රට පාලනය කිරීම මඟින් රට පරිහානියට පත් වෙලා කියලා හර්ෂණ රාජකරුණා මන්ත්‍රිවරයා කියා තිබෙනවා. ඒත් පළාත් පාලන හා පළාත් සභා ලේකම්වරුන් පාලනය කිරීම ඔවුන්ට හො¼දයි. අපි කියන්නේ එහෙම අරාජික වෙනව නම් මැතිවරණයකට යෑම තමයි සුදුසුම විසඳුම.

සජිත් ප්‍රේමදාස නිවාස හැදීම නෙවෙයි කළේ. ඔහුගේ නම ගෙන යෑමේ ව්‍යාපෘතියක් තමයි සිදු වුණේ. මේ වසරේ මුල් මාස 10 තුළ සජිත් ප්‍රේමදාස ප්‍රචාරක කටයුතුවලට රුපියල් ලක්ෂ 3,000ක් වැය කර තිබෙනවා. පසුගිය වසර තුනහමාර තුළ කෝටි 100කට අධික මුදලක් ඔහු ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් වෙන් කර තිබෙනවා. ඔහු අගමැති වුණොත් අය - වැයෙන් 30%ක් ප්‍රචාරණ ව්‍යාපාරවලට යොදවාවි. සජිත් ප්‍රේමදාස අගමැතිකමට නෙවෙයි සමුපකාරයටවත් සුදුසු නැහැ. සජිත් ප්‍රේමදාස නිවාසවලට ඔප්පු දුන්නෙත් නැහැ. ඔහු වනජීවී කලාපවලත් නිවාස හදලා. ඒවට අවසර ගෙන නැහැ.

දෙනගම ධම්මික රණවීර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon