තරුණයන් 11ක් පැහැරගෙන ගොස් ඝාතනය කළා යැයි කියන සිද්ධිය විමර්ශන කටයුතු කොටුව පොලිසියෙන් ඉවත් කරන්නැයි මහෙස්ත්‍රාත් නියෝග කරයි

  👤  712 readers have read this article !
By mawbima 2018-12-06

අමිල අබේරත්න

තරුණයන් 11 දෙනකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ නඩුවේ සැකකරුවකු වන නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරයකු වූ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නමැත්තාට ආරක්ෂාව හා රැකවරණය දීමේ සිද්ධියේ ප්‍රධාන සාක්ෂිකරු වන ගලගමගේ ලක්සිරි යන අයට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න යන අය විසින් තර්ජනය කර පැහැර ගැනීමට තැත් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කර ඇති පැමිණිල්ලට අදාළ විමර්ශනයන් කොටුව පොලිසියෙන් ඉවත් කරන ලෙසට කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (5දා) නියෝග කළේය.

ඊට අමතරව ඊට අදාළ විමර්ශනයන් වෙනත් පුහුණු නිලධාරියෙක් යටතට පත්කරන ලෙසටද මහෙස්ත්‍රාත්වරයා බස්නාහිර පළාත් භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කර සිටියේය.

පැමිණිල්ලට අදාළව කොටුව පොලිසිය මඟින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට එරෙහිව චෝදනා කුමක්ද පිළිබඳව සඳහන් කර නොමැති බවද ඊට අදාළ විමර්ශනයන් නිසි ලෙස විධිමත්ව සිදු නොකර ඇති බව පෙනී යන බවද මහෙස්ත්‍රාත්වරයා දන්වා සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon