අධ්‍යාපනය හා සෞඛ්‍යය විකිණීමට එරෙහිව ශිෂ්‍ය ව්‍යාපාර සැමදා එකම ස්ථාවරයක

  👤  698 readers have read this article !
By mawbima 2018-12-06

සවනි ශේශාධි

ජනතා ප්‍රශ්න සම්බන්ධයෙන් විවිධ අවස්ථාවලදී දේශපාලන පක්ෂවල ස්ථාවරය වෙනස් ස්වරූපයක් ගත්තද අධ්‍යාපනය සහ සෞඛ්‍ය විකිණීමට එරෙහිව ශිෂ්‍ය ව්‍යාපාරය සැමදාම එකම ස්ථාවරයක සිටිමින් සටන් කරන බවද ඒ වෙනුවෙන් දැවැන්ත ජන බලයක් ගොඩනැඟීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කොට ඇති බවද අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මහීල් බණ්ඩාර දෙහිදෙණිය පවසයි.

"අධ්‍යාපනය - සෞඛ්‍ය විකුණන, ජනතා අයිතීන් කප්පාදුකරන ප්‍රජාතන්ත්‍ර විරෝධී නව ලිබරල් ප්‍රතිපත්තියට එරෙහිව හෙට අරගලයට සිසු ජන බලයක්" යන්න තේමාකොට ගනිමින් එළැඹෙන 12 වැනිදා දැවැන්ත විරෝධතා රැලියක් කොළඹදී පැවැත්වීමට අවශ්‍ය කටයුතු සංවිධානය කෙරෙමින් පවතින බවද 'මව්බිම' කළ විමසීමකදී මහීල් බණ්ඩාර දෙහිදෙණිය පැවැසීය.

ඉදිරි දින දෙකේදී ඒ වෙනුවෙන් නගර මට්ටමින් ජනතාව දැනුම්වත් කිරීම් කරන බවද හෙතෙම තවදුරටත් පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon